AFC Banner
AFC Banner
Empty Ad

කොරියාවේ සහයෝගයට අගමැති ස්තුති කරයි

තොරතුරු තාක්ෂණයේ ප්‍රාතිහාර්යයන් ලොව වෙනස් කරමින් සිටින අවස්ථාවක කොරියානු රාජ්‍ය මෙරට පාසල් වලට තාක්ෂණ දැනුම ලබා දීම පිලිබදව තමන් ස්තුතිය පල කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

කොරියාවේ සෙමාල් පදනම, එහි ඩිජිටල් සෙමාල් වැඩසටහන යටතේ සංවර්ධනය කරනු ලැබූ සබරගමුව පළාතේ සහ මධ්‍යම පළාතේ පාසල් 5ක සුහුරු පන්ති කාමර නිළ වශයෙන් ප්‍රදානය කිරීම අද (11) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

ගම්පොළ සාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය,නාමිණීඔය මධ්‍ය මහා විද්‍යාලය,ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය, ගොඩකවෙල කුලරත්න විද්‍යාලය ,රන්වල මහා නාග විද්‍යාලය යන පාසල්වල සුහුරු පන්ති කාමර සඳහායි රුපියල් මිලියන 36.5ක් වටිනා උපකරණ පරිත්‍යාග කිරීමට මෙහිදී කටයුතු කළේ.

කොරියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහය පිලිබදව රටක් ලෙස තමා ඉහළින්ම අගය කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?