කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය අතර දුම්රියක් පීල්ලෙන් පිට යයි

කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර අද (26) උදෑසන දුම්රිය එන්ජිමක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සමඟ අද (26) දිනයේ ධාවනය වීමට නියමිත දුම්රියන් ප්‍රමාද වී ධාවනය වීමට හෝ අවලංගුවීමට ඉඩ ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙය මෙම වසරේ සිදුවූ 47 වන දුම්රිය පීලිපැනීම බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?