කොමඩු වගාවක් කර දින 60කින් ලක්ෂ හතලිහක් හොයපු ගොවියෙක් (වීඩියෝ)

අනුරාධපුර – තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවියෙකු නවීන තාක්ෂණය යොදාගෙන අක්කරයක සිදුකළ කොමඩු වගාවකින් දින හැටක් තුළදී රුපියල් ලක්ෂ හතළිහක ආදායමක් ලබාගෙන තිබෙනවා.

තිරප්පනය – ඌරාකොටේ ගම්මානයේ කොමඩු වගා කළ 39 හැවිරිදි බුද්ධික සුදර්ශන නැමැති මෙම ගොවියා ගල්කුලම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්.

අක්කරයක සිදුකළ කොමඩු වගාවෙන් ඔහු කිලෝ විසි එක්දහසක පමණ අස්වැන්නක් ලබාගෙන තිබෙනවා.

එලෙස ලැබූ අස්වැන්න ඔහු කිලෝ එකක් රුපියල් 180 ක මුදලකට අලෙවි කිරීමෙන් තමන්ට මෙම ඉහළ ආදායමක් ලබාගැනීමට හැකි වූ බවයි ඔහු කියා සිටියේ.

වර්ෂාව පවතින කාලවලදී ගොවි මහතුන් කොමඩු වගාව සිදු නොකල ද අධික වර්ෂාව පැවති දෙසැම්බර් මාසයේදී නවීන තාක්ෂණය යොදාගෙන අවධානමක් ගෙන කොමඩු වගාව සිදුකිරීම හේතුවෙන් වෙළඳපල වටිනාකම මත තමන්ට මෙවැනි ඉහළ ආදායමක් ලබාගැනීමට හැකි වූ බව ඔහු පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
9
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?