කොන්දොස්තර බසයෙන් තල්ලු කර මුදල් බෑගය ඩැහැගෙන

පෙරේදා (02 ) රාත්‍රියේදී යාපනයේ සිට අම්පාර බලා ධාවනය වෙමින් තිබූ යාපනය ලංගම ඩිපෝවට අයත් බස් රථයක සිටි මගීන් තුන් දෙනෙකු බස් රථයේ කොන්දොස්තරවරයාව බසයෙන් බිමට තල්ලු කොට ඔහු සතුව තිබූ රුපියල් 59,177 ක මුදලක්කොල්ල කා පලා ගොස් තිබෙනවා.කිළිනොච්චියේ උමයාල්පුරම් ප්‍රදේශයට ආසන්නයේදී වන අතර කොල්ලකරුවන් තුන්දෙනා යාපනයේ සිට එම බස් රථයේ ප්‍රවේශපත්ද මිලට ගෙන පැමිණෙමින් සිට එක් වරම බසය නැවැත්වූ අවස්ථාවක කොන්දොස්තරවරයාව බිමට තල්ලු කොට මෙම මුදල් මංකොල්ලය සිදු කොට තිබේ.

තරුණයන් තුන් දෙනා අතුරු මාර්ගයක් ඔස්සේ දිව ගොස් තිබෙනවා.