AFC Banner
Empty Ad
Empty Ad

කොදෙව්වන් හමුවේ දකුණු අප්‍රිකාවට තරගාවලි පරාජයක්

දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ තරගාවලි ජයක් වාර්තා කිරීමට සත්කාර කොදෙව්වන් සමත් වුණා.

ඊයේ (27) Tarouba ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් ටී20 තරගයත් දකුණු අප්‍රිකාවට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායය යටතේ කඩුලු 08කින් ජය ගැනීමටයි කොදෙව්වන් සමත් වූයේ.

තරගයේ පෙර පැවති තරග දෙකම ජයගෙන තරගාවලියේ වේලාසනම තරගාවලි ජයක් ලබා සිටි කොදෙව්වන්ගෙන් සිදුවන ලැජ්ජාවෙන් බේරීමට දකුණු අප්‍රිකාවට ඊයේ තරගය නියත වශයෙන් ම ජය ගැනීම අනිවාර්‍යය වුණා.

නමුත් එම බලාපොරොත්තුව ද බිඳ දමමින් කොදෙව් කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමු ව පන්දු යැවීම තෝරාගත් අතර; අයහපත් වර්ෂාපතනය හේතුවෙන් තරගය පන්දුවාර 13කට පමණක් සීමා වුණා.

දකුණු අප්‍රිකාව පන්දුවාර 13 අවසානයේ දී කඩුලු 04ක් දැවී ලකුණු 108ක් ලබාගත්තා.

කොදෙව්වන් තරගය ජය ගත්තේ පන්දුවාර 09කුත් පන්දු දෙකක් ගෙවී අවසන් වන මොහොතේදීයි.

ඒ කඩුලු 02ක් පමණක් දැවී තිබියදීයි.

ශායි හෝප් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තා.

තරගයේ වීරයා සම්මානය රොමාරියෝ ශෙපර්ඩ් දිනාගත් අතර ශායි හෝප් තරගාවලියේ වීරයා බවට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?