කොත්තමල්ලි නිසා දරු ගැබ අහිමි විය හැකියි – සෞඛ්‍යවේදීන්ගෙන් හෙළිදරව්වක්

පවතින වසංගත තත්ත්වය ආරම්භ වූ මුල් කාලයේ සිට එයට මුහුණ දීම සඳහා කොත්තමල්ලි පානය කිරීමට මෙරට ජනතාව බොහෝ සෙයින් පෙළඹුණා.

මේවන විට වසංගත තත්ත්වයේ තෙවැනි රැල්ල මෙරටට දැඩි ලෙස බලපෑම් කරන පසුබිමක කොත්තමල්ලි පානය කිරීමේ ප්‍රවණතාව නැවතත් මතු වී තිබෙනවා.

කෙසේ වෙතත් කොත්තමල්ලි පානය පිළිබඳව ජනතාව තුළ පවතින දැඩි විශ්වාසය සම්බන්ධයෙන් සෞඛ්‍යවේදීන් අදහස් පළ කර තිබෙනවා.

පමණ ඉක්මවා කොත්තමල්ලි පානය කිරීම තුළින් රෝග සුව නොවන බව ඔවුන් පවසනවා.

ඕනෑම ඖෂධයක් භාවිත කළ යුත්තේ නිසි පමණට බවත්, පමණ ඉක්මවූ පසු ඕනෑම ඖෂධයක් අහිතකර විය හැකි බවත්, මෙය කොත්තමල්ලිවලට ද පොදු බවත් ඔවුන් පෙන්වා දෙනවා.

එනිසා කොත්තමල්ලි පමණක් නොව ප්‍රතිශක්තිකරණය වැඩි කරගැනීම අරමුණු කොට ගෙන භාවිත කරන සියළු ඖෂධ ආදිය නිසි පමණට භාවිත කරන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දෙනවා.

එමෙන්ම සෞඛ්‍යවේදීන් අවධාරණය කරන්නේ ගර්භනී කාන්තාවන් මේ පිළිබඳව දැඩි අවබෝදයකින් යුතුව කටයුතු කළ යුතු බවයි.

ස්ත්‍රී රෝග සහ ප්‍රසූති විශේෂඥ වෛද්‍ය සුරංගි සංජීවනී පෙරේරා පවසන්නේ කොත්තමල්ලි පානය කිරීම හරහා දරු ගැබ අහිමි වීමට පවා ඉඩ ඇති බවයි.

විශේෂයෙන් මාස 03 නොපිරිණු ගැබිණි කාන්තාවන්ට මෙම අවදානම වැඩි බවත් ඇය පෙන්වා දෙනවා.

මේ අතර කොත්තමල්ලි පමණක් නොව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ නිසි උපදෙස්වලින් තොරව කිසිදු ඖෂධයක් පරිභෝජනය කිරීමට ගැබිණි කාන්තාවන් නොපෙළඹිය යුතු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඔවුන් යළි යළිත් අවධාරණය කරන්නේ බටහිර ඖෂධ මෙන්ම ආයුර්වේද ඖෂධ ද භාවිත කළ යුත්තේ වෛද්‍ය නිර්දේශ මත පමණක්වන බවයි.

මේ අතර ෆේස්බුක් සහ යූටියුබ් වැනි වෙබ් අඩවි ඔස්සේ විවිධ පිරිස් විවිධ ඖෂධ වට්ටෝරු ආදිය සහ සිදු කළ යුතු පිළිවෙත් ආදිය වගකීමකින් තොරව පළ කරන බව පෙන්වා දෙන සෞඛ්‍යවේදීන් වැඩිදුරටත් අනතුරු අඟවන්නේ, එවන් දෑ පිළිබඳ විශ්වාසය තබා කටයුතු කිරීමෙන් භයානක ප්‍රතිඵල පවා අත් විය හැකි බවට යි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?