පවතින වසංගත තත්ත්වය ආරම්භ වූ මුල් කාලයේ සිට එයට මුහුණ දීම සඳහා කොත්තමල්ලි පානය කිරීමට මෙරට ජනතාව බොහෝ සෙයින් පෙළඹුණා.
මේවන විට වසංගත තත්ත්වයේ තෙවැනි රැල්ල මෙරටට දැඩි ලෙස බලපෑම් කරන පසුබිමක කොත්තමල්ලි පානය කිරීමේ ප්‍රවණතාව නැවතත් මතු වී තිබෙනවා.
කෙසේ වෙතත් කොත්තමල්ලි පානය පිළිබඳව ජනතාව තුළ පවතින දැඩි විශ්වාසය සම්බන්ධයෙන් සෞඛ්‍යවේදීන් අදහස් පළ කර තිබෙනවා.
පමණ ඉක්මවා කොත්තමල්ලි පානය කිරීම තුළින් රෝග සුව නොවන බව ඔවුන් පවසනවා.
ඕනෑම ඖෂධයක් භාවිත කළ යුත්තේ නිසි පමණට බවත්, පමණ ඉක්මවූ පසු ඕනෑම ඖෂධයක් අහිතකර විය හැකි බවත්, මෙය කොත්තමල්ලිවලට ද පොදු බවත් ඔවුන් පෙන්වා දෙනවා.
එනිසා කොත්තමල්ලි පමණක් නොව ප්‍රතිශක්තිකරණය වැඩි කරගැනීම අරමුණු කොට ගෙන භාවිත කරන සියළු ඖෂධ ආදිය නිසි පමණට භාවිත කරන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දෙනවා.
එමෙන්ම සෞඛ්‍යවේදීන් අවධාරණය කරන්නේ ගර්භනී කාන්තාවන් මේ පිළිබඳව දැඩි අවබෝදයකින් යුතුව කටයුතු කළ යුතු බවයි.
ස්ත්‍රී රෝග සහ ප්‍රසූති විශේෂඥ වෛද්‍ය සුරංගි සංජීවනී පෙරේරා පවසන්නේ කොත්තමල්ලි පානය කිරීම හරහා දරු ගැබ අහිමි වීමට පවා ඉඩ ඇති බවයි.
විශේෂයෙන් මාස 03 නොපිරිණු ගැබිණි කාන්තාවන්ට මෙම අවදානම වැඩි බවත් ඇය පෙන්වා දෙනවා.
මේ අතර කොත්තමල්ලි පමණක් නොව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ නිසි උපදෙස්වලින් තොරව කිසිදු ඖෂධයක් පරිභෝජනය කිරීමට ගැබිණි කාන්තාවන් නොපෙළඹිය යුතු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
ඔවුන් යළි යළිත් අවධාරණය කරන්නේ බටහිර ඖෂධ මෙන්ම ආයුර්වේද ඖෂධ ද භාවිත කළ යුත්තේ වෛද්‍ය නිර්දේශ මත පමණක්වන බවයි.
මේ අතර ෆේස්බුක් සහ යූටියුබ් වැනි වෙබ් අඩවි ඔස්සේ විවිධ පිරිස් විවිධ ඖෂධ වට්ටෝරු ආදිය සහ සිදු කළ යුතු පිළිවෙත් ආදිය වගකීමකින් තොරව පළ කරන බව පෙන්වා දෙන සෞඛ්‍යවේදීන් වැඩිදුරටත් අනතුරු අඟවන්නේ, එවන් දෑ පිළිබඳ විශ්වාසය තබා කටයුතු කිරීමෙන් භයානක ප්‍රතිඵල පවා අත් විය හැකි බවට යි














Api thunapaha Misranayata koththamalli danawa…. Bath kanna Patan gaththa dawase idan dinakata kama thun sarayak gannawa….. Athana dawasata thunwelak koththamalli ape sharirayata athulu wenawa…… Ape kanthawak punchi kale idan wadi wiyata pathwena awasthawa dakwath…. Athanin Patan jeewithaya thiyena thurawata….. Daruwan Labena kalaya athulathath arhara samaga koththamalli gannawa….. Oya kiyana widihata abortion wenawanam jeewitha kalaya purama ude… dawal… Rathree bathkana ayata abortion wenawanam ape kanthawak jeewitha kalaya purama arharayata akathuwela thiyena koththamalli pramanaya gananaya kala nohaki Barack wiya haki……lankeeya jathiyak Ada inne kohomada oya kiyana widihata koththamalli walata abortion wenawanam