මෙරට ජාතික දිනය සැමරීම සඳහා අභිමානයෙන් යොදා ගත් ජාතික කොඩිය චීනයෙන් ආනයනය කරන ලද ඒවා බවත්, දැන්වත් අලුතින් සිතා සිරිලක දේ සිරිසැප දේ කියා සෑම දෙයක්ම මෙරට තුල නිෂ්පාදනය කිරීම ආරම්භ කළ යුතු බව අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා.
උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියා.
“ජාතික නිදහස් දිනය සැමරුවා දැන් ටික දවසකට කලින්. ආඩම්බරයෙන් වනන්න ගත්තා ජාතික කොඩි හැමතැනම විකුනන්න තිබ්බා. ජාතික කොඩිය තිබ්බ අපේ නායකයෝත් උත්සවාකාරයෙන් ජාතික කොඩිය ඉහළ එසෙව්වා. ඒ සෑම කොඩියක්ම පාහේ චීනයෙන් ආනයෙන් කළ ජාතික කොඩි. නන්දා මාලිනි වරක කිව්වා කොඩිය සුද්දාගේ ඒත් කොඩි ගහ අපගේ කියලා. දැන් අපිට කියන්න වෙන්නේ කොඩිය චීනගේ කොඩි ගහ අපගේ කියලා.
නුදුරු අනාගතයේ වෙසක් එනවා. වෙසක් කුඩු ඉස්සර අපි බට පතුරු කපලා හදා ගත්තා. ඉස්සර ඔය ලොකු උණ පදුරක් තිබ්බා, අපි යනවා ගිහින් බට කපන් එන්න.
අද වෙසක් කුඩුවත් චීනෙන් ගෙන්වනවා. ඉතින් හත්දෙයියනේ හැම දේටම වියදම් කරන්න යද්දී ඒවට ගෙවන්න ඩොලර් කොහෙන්ද ?
එහෙනම් අපි සිරිලක දේ සිරිසැප දේ කියලා, හදන්න පුළුවන් හැම දේම හදමු. වවන්න පුළුවන් හැමදේම වවනතුරු අපිට මේ අර්බුධයෙන් ගොඩ එන්න විදිහක් නෑ.”