කොඩිය චීනගේ ගහ අපේ : ඇමති ගම්මන්පිල කියූ සුපිරි කතාව

මෙරට ජාතික දිනය සැමරීම සඳහා අභිමානයෙන් යොදා ගත් ජාතික කොඩිය චීනයෙන් ආනයනය කරන ලද ඒවා බවත්, දැන්වත් අලුතින් සිතා සිරිලක දේ සිරිසැප දේ කියා සෑම දෙයක්ම මෙරට තුල නිෂ්පාදනය කිරීම ආරම්භ කළ යුතු බව අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා.

උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියා.

“ජාතික නිදහස් දිනය සැමරුවා දැන් ටික දවසකට කලින්. ආඩම්බරයෙන් වනන්න ගත්තා ජාතික කොඩි හැමතැනම විකුනන්න තිබ්බා. ජාතික කොඩිය තිබ්බ අපේ නායකයෝත් උත්සවාකාරයෙන් ජාතික කොඩිය ඉහළ එසෙව්වා. ඒ සෑම කොඩියක්ම පාහේ චීනයෙන් ආනයෙන් කළ ජාතික කොඩි. නන්දා මාලිනි වරක කිව්වා කොඩිය සුද්දාගේ ඒත් කොඩි ගහ අපගේ කියලා. දැන් අපිට කියන්න වෙන්නේ කොඩිය චීනගේ කොඩි ගහ අපගේ කියලා.

නුදුරු අනාගතයේ වෙසක් එනවා. වෙසක් කුඩු ඉස්සර අපි බට පතුරු කපලා හදා ගත්තා. ඉස්සර ඔය ලොකු උණ පදුරක් තිබ්බා, අපි යනවා ගිහින් බට කපන් එන්න.

අද වෙසක් කුඩුවත් චීනෙන් ගෙන්වනවා. ඉතින් හත්දෙයියනේ හැම දේටම වියදම් කරන්න යද්දී ඒව‍ට ගෙවන්න ඩොලර් කොහෙන්ද ?

එහෙනම් අපි සිරිලක දේ සිරිසැප දේ කියලා, හදන්න පුළුවන් හැම දේම හදමු. වවන්න පුළුවන් හැමදේම වවනතුරු අපිට මේ අර්බුධයෙන් ගොඩ එන්න විදිහක් නෑ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06