කොට ලොරි රථය උඩ වංගුවෙන් පහත වංගුවට පෙරලෙයි

හෙම්මාතගම ගම්පොල මාර්ගයේ 1 කණුව ප‍්‍රදේශයේදි දැව පටවාගත් ලොරි රථයක් අනතුරකට ලක් විමෙන් 03 පස්වරුවේ එහි සිටි තිදෙනෙක් ගම්පොල රෝහල වෙත ඇතුලත් කර පොලිසිය පවසයි.

හෙම්මාතගම ප‍්‍රදේශයේ සිට ගම්පොල නගරය දක්වා තේ කර්මාන්ත ශාලාවකට දැව ප‍්‍රවාහනය කරන ලද ලොරියක් මෙසේ අනතුරට ලක් වි ඇත්තේ ලොරි රථයේ ඇති වු කාර්මික දෝ්ශයක් හේතුවෙනි. රියදුරාට පාලනය කර ගැනීමට නොහැකි වු ලොරි රථය එම මාර්ගයේ ඉහල වංගුවේ සිට එම මාර්ගයේම පහත වංගුව පිහිටා ඇති අඩි 150 කටත් වඩා වැඩි ප‍්‍රපාතයට පෙරළි ඇත.

ලොරි රථයේ පටවාගෙන පැමිණි දැව කඳන් ඒ අවට විසිරි තිබුණු අතර ලොරි රථයට දැඩි හානි සිදු වි තිබුණි. අධික වංගු සහිත කදු බැවුම් සහිත මෙම මාර්ගයේ නිරන්තරයෙන් වාහාන අනතුරු සිදු වන බැවින් රියදුරන් ප‍්‍රවේශමෙන් වාහාන පැදවිය යුතු බවද එහි ගිය අපට ප‍්‍රදේශවාසීන් පැවසීය.

මාවනැල්ල හෙම්මාතගම සිට ගම්පොල දක්වා මෙම මාර්ගය අතුරු මාර්ගයක් ලෙස බොහෝ දෙනෙකු භාවිතා කරන අතර කොළඹ සිට පැමිණෙන වාහාන වලට පේරාදෙණිය හරහා ගම්පොල සහ නුවරඑළිය නාවලපිටිය වැනි ප‍්‍රදේශ වලට ලගා වන විට ඉතා පහසුවෙන් මෙන්ම වාහාන තදබදයකින් තොරව මෙම මාර්ගය භාවිතා කිරිමට තිබෙන හැකියාව නිසා මෙම මාර්ගය අද වන විට බොහෝ දෙනෙකු භාවිතයට ගනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?