කොළඹ – ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් හේතුවෙන් .
මෙරට තුළ මේ වනවිට උද්ගත ව ඇති ආර්ථික සහ සමාජීය ගැටලුවලට වහා විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමිනුයි මෙම විරෝධතාව ක්‍රියාත්මක වන්නේ.
විදේශ සංචිත අවම වීම, විදුලි කප්පාදුව, රාජ්‍ය භාණ්ඩාගාරය හිස් වීම, පොහොර ගැටලුව ආදී අර්බුදවලට විසඳුම් ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ සභිකයින් අදාළ විරෝධතාව පවත්වන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
11