කෝටි ගණනින් සල්ලි අරන් මිනිසුන් රැවටූ හොර වෙදා අත්අඩංගුවට

වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකල අයෙක් සහ ඔහුගේ සහයකයින් දෙදෙනක් අත්අඩංගුවට ගැනිමට කළුතර දකුණ නොවිසදුනු අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර , ගුරුදෙනිය සහ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 31, 33 සහ 38 වියැති පුද්ගලයන් තිදෙනෙක් බව පොලිසිය පවසනවා.

දිවයිනේ පොලිස් ස්ථාන රැසකට ලද පැමිණිලි සියයකට අධික ප්‍රමාණයක් සැලකිල්ලට ගෙන කළුතර දකුණ නොවිසදුනු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රී රංගා ඇතුළු නිළධාරීන් මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අථුඉ බවයි වාර්තා වන්නේ.

ප්‍රධාන සැකකරු තමන් වෛද්‍යවරයෙක් බවත් විදෙස් පරිත්‍යාගශීලියෙක්ගෙන් ලද ආධාර මත ලැප්ටොප් යන්ත්‍ර තොග වශයෙන් මිළදී ගැනීමට කටයුතු කරන බවත් පවසමින් වෙළදසැල් වලින් අධික මිළ ගනන් යොදා මිළගණන් පත් ගෙන්වාගෙන තිබෙනවා.

පසුව නැවත එම වෙළෙඳසැල් සඳහා කතාකොට පරිත්‍යාගය සිද කරදෙන අතරමැදියාට සන්තෝෂම් මුදල් ලබාදිය යුතු බව පවසමින් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම සන්තෝසම් මුදල් ලබාගැනීමෙන් පසු දුරකථනද විසන්ධි කර ඇති බව පැමිණිලිකරුවන් විසින් පොලිසියට පැමිණිලිකර තිබෙනවා.

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ පෞද්ගලික පරිගණක විකුණුම් ආයතනයකින් වංචනික ලෙස මෙම කණ්ඩායම මුදල් ලබාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත සහ කළුතර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙක් ඔහුගේ නම භාවිතා කරමින් මොවුන් කළුතර ප්‍රදේශයේ විවිධ ආයතනවලින් මුදල් එකතු කිරීම් සිදුකර ඇති බවටත් ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය මෙම විමර්ශන කටයුතු ආරම්භ කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව පොලිසිය විසින් සැකකරුවන්ගේ දුරකථන වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා ලබාගෙන සිදුකල විමර්ශන වලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් සන්තකයේ මෙම ජාවාරම් සඳහා භාවිතා කරන ලද බැංකු පාස් පොත් 05 ක්, බැංකු කාඩ්පත් 06 ක් සහ නීත්‍යනුකූල නොවන වායු රයිෆලයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීම නියමිත අතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශනයන් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
8
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20


?