කොටහේන දැරිවියගේ සිද්ධියේ පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය ජූලි 07 වැනිදා දැනුම්දෙන්න

උඩු මහලින් බිමට පැන සියදිවි නසා ගත් කොටහේන ප්‍රදේශයේ පදිංචි පාසල් දැරිය, ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි චෝදනා කරමින් ගුරුවරයෙකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය ජුලි මස 07 වැනිදා දැනුම්දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ව කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විමර්ශන සිදු කරන උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිණියන් අධිකරණයට දැනුම් දුන්නේ මියගිය දැරියගේ මවගෙන් සහ තවත් පාසල් සිසුවියන් තුන්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

ඊට අමතරව ගුරුවරියකගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කළා.

මෙම විර්ශනවලට අවශ්‍ය කරන අදාළ පාසලේ CCTV කැමරාවල DVR යන්ත්‍රය වෙනත් විමර්ශනයක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට රැගෙන ගොස් ඇති බවත් එය ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට කටයුතු කරන බවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා.

එම යන්ත්‍රය ලබා ගැනීමට පමා වූයේ ඇයි දැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා එය කඩිනමින් ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කරන ලෙස පොලිසියට එහිදී නියෝග කළා.

ඉන් අනතුරුව පැමිණිල්ල ජුලි මස 07 වැනිදා යළි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය දැනුම්දෙන ලෙසත් පොලිසියට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?