කොටහේන දැරියගේ සිද්ධියට පාසලේ CCTV දර්ශන ගැන පූර්ණ වාර්තාවක් දෙන්න – අධිකරණය

කොටහේන ප්‍රදේශයේදී ඉකුත්දා ගොඩනැඟිල්ලකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පාසැල් ගුරුවරයා රාජකාරි කළ පාසලේ CCTV දර්ශන සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ (07) නියෝග කළා.

එම පාසලේ සී.සී.ටී.වී දර්ශන පටිගත වූ ඩි.වි.ආර් යන්ත්‍රය මොරටුව විශ්ව විද්‍යාලය වෙත යවා වාර්තාවක් කැඳවීමට නියෝගයක් ලබා දෙන ලෙසට ළමා හා කාන්තා කාර්යාංශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර තිබුණේ මෙම නඩුව ඊයේ කැඳවු අවස්ථාවේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නිලධාරීන් සඳහන් කර සිටියේ විමර්ශනවලට අවශ්‍ය කරන අදාළ පාසලේ සිසිටිවි දර්ශන සටහන් වූ අදාළ ඩි.වී.ආර් යන්ත්‍රය වෙනත් විමර්ශනයක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රැගෙන ගොස් තිබූ බවත්, එසේ පරිපාලන අමාත්‍යාංශයට යොමු කිරීමේ දී ඇතැම් දර්ශන මකා දමා ඇද්ද යන්න පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කර විශේෂඥ වාර්තාවක් කැඳවීමට නියෝග නිකුත් කරන ලෙසයි.

මෙම විමර්ශනය කැඳවූ අවස්ථාවේදී සැකකාර පාසල් ගුරුවරයා අධිකරණය පෙනී සිටි අතර වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය සඳහන් කර සිටියේ සිසිටිවි දර්ශන ඔස්සේ විමර්ශන තවදුරටත් සිදු කරන බවයි.

පසුගිය අප්‍රේල් 29 වැනි දින කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයක සත් මහලින් පැන දිවි තොරකර ගත්තේ යැයිි කියන පාසල් දැරිය සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙන අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල ජුලි මස 28දා කැඳවීමට නියෝග කළා.

තවද විමර්ශන ප්‍රගතිය එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?