ඊයේ (14) දින කේරල ගංජා කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 680ක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් ඇහැටුවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු වලත්වැව, ඇඹෝගම, ඇහැටුවැව ලිපිනයේ පදිංචි සේමසිංහ බංඩාරලාගේ රන්ජන් දිමුතු කුමාර සේමසිංහ නැමැත්තෙක්.
පසුව සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරිමේ දී සැකකරු විසින් කේරල ගංජා ලබා දුන් පුද්ගලයා සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය කර තිබුණා.
කේරල ගංජා ලබාදුන් පුද්ගලයා එම අවස්ථාවේ දී මෝටර් රථයෙන් පැමිණ ඇති අතර එම මෝටර් රථය පරික්ෂා කිරිමේ දී ද කේරල ගංජා කිලෝග්‍රෑම් 02ක් හමුව තිබෙනවා.
ඒ අනුව ස්ටාර්වත්ත, පල්ලෙවෙල, උඩුබද්දාව ලිපිනයේ පදිංචි මන්නායක මුදියන්සේලාගේ ඉසුරු ධනන්ජය සිසිර කුමාර නැමැති මෝටර් රථයේ හිමිකරු ද එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.





