කේරල ගංජා සමගින් දෙදෙනෙක් අත්අඩංගුවට

ඊයේ (14) දින කේරල ගංජා කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 680ක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් ඇහැටුවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු වලත්වැව, ඇඹෝගම, ඇහැටුවැව ලිපිනයේ පදිංචි සේමසිංහ බංඩාරලාගේ රන්ජන් දිමුතු කුමාර සේමසිංහ නැමැත්තෙක්.

පසුව සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරිමේ දී සැකකරු විසින් කේරල ගංජා ලබා දුන් පුද්ගලයා සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය කර තිබුණා.

කේරල ගංජා ලබාදුන් පුද්ගලයා එම අවස්ථාවේ දී මෝටර් රථයෙන් පැමිණ ඇති අතර එම මෝටර් රථය පරික්ෂා කිරිමේ දී ද කේරල ගංජා කිලෝග්‍රෑම් 02ක් හමුව තිබෙනවා.

ඒ අනුව ස්ටාර්වත්ත, පල්ලෙවෙල, උඩුබද්දාව ලිපිනයේ පදිංචි මන්නායක මුදියන්සේලාගේ ඉසුරු ධනන්ජය සිසිර කුමාර නැමැති මෝටර් රථයේ හිමිකරු ද එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50