කේන් විලියම්සන් නායකත්වයෙන් ඉවත් වෙයි – කාලසීමාව දීර්ඝ කිරීමටත් බෑ කියයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් නායකත්වය දරන කේන් විලියම්සන් සිය නායකත්වයට තිත තබා තිබෙනවා.

ඒ අනුව විලියම්සන් මෙතෙක් දැරූ එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතික නායකත්වයෙන් ඉවත් වන බවයි දැනුම්දී ඇත්තේ.

33 හැවිරිදි විලියම්සන් දකුණත් පිතිකරුවෙක් වන අතර, 2016 මාර්තු මාසයේ දී තුන් ආකෘතියේ ම ( ටෙස්ට්. එක්දින සහ 20-20) ක්‍රිකට් හි නවසීලන්ත නායකයා වශයෙන් තේරී පත් වුණා.

ඒ එවක නායකයාව සිටි බ්‍රෙන්ඩන් මැක්ලම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමත් සමගයි.

එතැන් පටන් විවිධ අවස්ථාවල හැල හැප්පීම් මැද සහ පුවත් මවමින් විලියම්සන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට නායකයෙකු ලෙස මගපෙන්වීම් සිදු කළා.

නවසීලන්ත ක්‍රිකට් පාලනාධිකාරිය මෙම වසරේ සිට 2025 වසර තෙක් කොන්ත්‍රාත් කාලයක් ද කේන් හට නායකත්වය වෙනුවෙන් ලබාදීමට උත්සාහ කළ ද හෙතෙම එය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

විලියම්සන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සියලු ම ආකෘති හරහා සිය උපරිම දායකත්වය ලබාදීමට කැමැත්තක් ඇති බැවින් ඊට මනස යොමු කිරීම මෙම තීරණයට ප්‍රධානතම හේතුව බවයි.

නවසීලන්තයට සිය මව් රටේ දී මෙම මාස කිහිපයේ දී තරග ඇත්තේ ඉතා අඩු වශයෙන් වන අතර එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර්වල දී එංගලන්තයට එරෙහිව සහ ඉන්දීය සංචාරයක් ද සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

පසුගිය දිනක දී විලියම්සන් ටෙස්ට් නායකත්වයෙන් ද ඉල්ලා අස් වූ අතර හිස් වූ ටෙස්ට් නායකත්ව හිමි වූයේ ටිම් සවුති හටයි.

මෙවර පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ මූලික වටයේ තරගයෙන් ද නවසීලන්ත කණ්ඩායමට ඉවත් වීමට සිදු වුණා.

විලියම්සන්ට සිතූ තරම් පිත්තෙන් හෝ සාර්ථක වීමට ඉඩකඩක් නොලැබුණු බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වාදෙන්නේ.

ටෙස්ට් තරග 100කට එක් ව ඇති කේන් විලියම්සන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ තමන් නමින් රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 8743ක්.

එහි හැඩකාරම සහ විශිෂ්ටතම ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ 251ක්.

එමෙන්ම එක්දින තරග 165කට ක්‍රීඩා කර ඇති ඔහු ශතක 13ක් සහ අර්ධ ශතක 45ක් ලබා ගෙන ඇත්තේ එක්දින පිටියේ රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස 148ක් බවට සනිටුහන් කරමින්.

ටී20 තරග 93කට එක් ව ඇති විලියම්සන් ලකුණු 95ක් ලෙස ජාත්‍යන්තර පන්දුවාර 20න් ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙස තමන් නමින් ලියාගෙන තිබෙනවා.

විලියම්සන්ගෙන් හිස් වන එක්දින හා පන්දුවාර 20 ආකෘතියෙහි නායකත්වයට මෙතෙක් නවසීලන්ත ක්‍රීඩකයෙකු තෝරගෙන නැහැ.

448590043 1035065677981148 3783680650790198308 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
14
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?