කේන්ගේ කදුළු කතාව

මගේ නම කේන්. මම ජීවත් වුණේ මිනිස්සුත් එක්ක. මම ආදරේ කළේ මිනිසුන්ට. මගේ අම්මා තාත්තා කවුද කියන්න මම හරියටම දන්නේනෑ. ඒක එහෙම වුණේ මං පුංචි කාලෙම කවුරු හරි කෙනෙක් මාව හදාගන්න ගත්ත නිසා කියලයි මට හිතෙන්නේ. මගේ අම්මයි තාත්තයි අද කොහේ හරි ඇති. සමහර විට එයාලට මාව මතක ඇති. මේ ලිපිය කියවන නැන්දලා මාමලාගෙන් කවුරු හරි කෙනෙක් අපේ අම්මව තාත්තව දන්නව නම් ඒ අම්මට තාත්තට කියන්න මේ වගේ කතාවක් කියල තිබුණා කියලා. මගේ අම්මට තාත්තට විතරක් නෙවෙයි මගේ වර්ගයට අයිති හැමෝටම මේ කතාව කියන්න.

මං දන්නවා මං වගේම දහස් ගණනක් අය මේ රටේ ජීවත් වෙනවා කියලා. එක ළඟ ජීවිතයටත් හුඟක් වෙලාවට මට වගේ ප්‍රශ්නෙ එනවා ඇති. අවාසනාවකට මට වගේ එයාලට උදව් කරන්න කෙනෙක් නෑ. ඒ නිසා එයාලට ජීවිතයෙ අන්තිම කාලෙ ගෙවන්න වෙන්නෙ හරිම දුක හිතෙන විදියට. මං මේ කතාව මෙහෙම කිව්වට පස්සේ ඔයාට පුළුවන් නම් ගෙවල් ගාව ඉන්න අසරණ බව්වෙක්ට එක වතාවක් හරි උදව්වක් කරන්න. ඒක හුඟක් පින් සිද්ධවෙන වැඩක්.

මගේ කතාව පටන් ගන්නේ කොහොමද කියන්නවත් මට තේරෙන්නෑ. මං හුඟක් සතුටින් ඉන්න කෙනෙක්. මට ලස්සන ගෙයක් තිබුණා. මට ලස්සන පවුලක් තිබුණා. මම එයාලගේ පවුලේ සාමාජිකයෙක්. ඒ පවුලෙ හැමෝම මට එයාලගෙ පවුලෙම කෙනෙක් වගේ සැලකුවා. මට නිතරම වගේ රස කෑම බීම ලැබුණා.

මට ගේට්ටුවෙන් එළියට පැනගන්න බැරි එක විතරයි ප්‍රශ්නයකට තිබ්බේ. ඒත් ඉතිං එහෙම යන එක හොඳ නැති වැඩක්ලුනෙ. ඒ නිසා මං කොහේවත් ගියෙ නෑ. ගේ වටේ ඇවිද්දා. සමහර වෙලාවට දිව්වා. සමහර වෙලාවට හති ඇරියා. නිදහසේ නිදාගත්තා. ඕන ඕන පැත්තට, ඕන ඕන විදියට මට නිදාගන්න කාගෙන්වත් තහනමක් තිබ්බෙ නෑ. මම සෙල්ලම් කළේ ගෙදර යාළුවොත් එක්ක. ගෙදර හැමෝම මගෙත් එක්ක හිටියෙ යාළුවො වගේම තමයි. හැබැයි මම කවදාවත්ම කාටවත්ම කිසිම වරදක් කළේ නෑ. සමහර වෙලාවට ඉඳලා හිටලා වත්තට එන හොර බළල්ලු පස්සෙන් නං එළෙව්ව තමයි. ඒත් එහෙම කළා කියලා මම එයාලට මොනවත් කළේ නෑ නෙ. මම එහෙම එළවනකොට පූස්ලා දුවන්නෙ පිස්සු හැදිලා වගේ. ඒක මට නම් හරිම ජොලි වැඩක්. සමහර වෙලාවට කුරුල්ලො පස්සෙනුත් දිව්වා.

පොඩි කාලෙ නම් සමනල්ලු දැකලා උඩපැන්න මතකයි. ඒත් පස්සෙ ඒක නතර කළා. මොක ද මම ලොකු බව්වෙක් උනාම ඒ වගේ වැඩ කරන එක මගෙ තත්ත්වයට හොඳ නෑ කියලා තෙරුණා. ඉඳලා හිටලා ගේ අස්සෙ චූ චුට්ටක් දාපු වෙලාවට නම් බැණුම් අහන්ඩ වුණා. ඒත් හැබැයි කවදාවත් මෙහෙම කොච්චර සන්තෝසෙන් හිටියත් මම මගේ ගෙදර අයව ආරක්ෂා කරන්න ඕනේ කියන එක මට කවදාවත්ම අමතක වුණේ නෑ. ගේ වටේ ඇහෙන පුංචි සද්දෙටත් මම හයියෙන් බිරුවා. ඒත් මම කවදාවත් බුරන එක නතර කළේ නෑ. සමහර දවස්වලට මම බුරපු සද්දෙ වැඩි වෙලාව ද කොහෙද ගෙදර කට්ටිය එළියට ඇවිල්ලත් බැලුවා.

“මොක ද මේ…”

කියලා අහපු ගමන්ම මම කට වහගත්තා. ගෙදර එන යන සමහර අය දැක්කම මට බුරන්න හිතුණා. සමහර අයව නං හපන්නත් හිතුණා. ඒත් මම හැපුවෙ නං නෑ. හැබැයි සමහර අය දැක්කම මට එයාලා හුඟාක් හොඳ අය කියලා හිතුණෙ. එතකොට මට හපන්න නෙමේ හිතුණෙ සෙල්ලම් කරන්න. ඒත් කොහෙද මේ හුඟාක් අය මාව දැක්කම හෑව් ගාගෙන පස්සට පනිනවනෙ. සමහර පුංචි බබාලා මං ළඟට යන කොට බොරුවට අඬනවා. හරියට මම හපලා වගේ. එහෙම වෙලාවට එයාලගෙ අම්මලා තාත්තලා එයාලගෙ ළඟට දුවගෙන එන්නෙ හරියට මම ඒ ළමයව පෙරලගෙන හපලා වගේ. සමහර අය දුවගෙන එන්නෙ.

“දුප් බල්ලා….” කියාගෙන.

එතකොට තමයි ඉතිං මට දෙන්න හිතෙන්නෙ හොම්බ රිවට් වෙන්න. බල්ලෙක් වෙලත් මම කොල්ලෙක් වගේ ඉන්න්වනෙ අප්පා. කොහොම හරි ඔහොම යන කොට එක දවසක් ආවා. කවද්ද කියන්න මට තේරෙන්නෙ නෑ නෙ. මොක ද මම බල්ලෙක් නිසා මම ඔය දවස් ගැන එහෙම දන්නෙ නෑ. කවුද කට්ටියක් අපේ ගෙදරට ආවා. ඒ මිනිස්සු දැක්කම මට බය හිතුණා. මොකක් ද එකක් නිසා මට හිතුණා ඒ මිනිස්සු එන්නෙ මගෙ ගෙදර අයට කරදරයක් කරන්නම වෙන්න ඇති කියලා. ඒ මිනිසුන්ගෙ අතේ මොනව ද මන්දා ජාතියක් තිබ්බා.

ඒවායින් තුවාල වෙනවා කියලා මම දැනගෙන හිටියෙ. එක පාරටම එයාල ගේපැත්තට ගියා. මම වේගෙන් ඉස්සරහට පැන්නා. පැනලා හරස් කළා. ඒ මිනිස්සු නපුරු විදියට ඉස්සරහට ආවා. අතේ තිබුණු මොකක් ද මන්දා එකකින් මට ගැහුවා. මගෙ ඉස්සර අත් දෙකට ඒක වැදුණා. මට රිදුණෙ නෑ. ඒත් මට මොකක් ද මන්දා හිතාගන්න බැරි දෙයක් දැනුණා. මම දන්නෙ නෑ මට මොනව ද වුණේ කියලා.

මට සිහිය එනකොට මම හිටියෙ වෙන කොහෙද මන්දා තැනක. මිනිස්සු බල්ලන්ව පාරවල්වලට ගෙනල්ලා දානවා කියලා දැනගෙන හිටියට මම හිතුවෙම නෑ මගෙ ගෙදර අය මට එහෙම කරයි කියලා. ඒත් එයාලා මට එහෙම කරලා කියල මට හිතුණා. මට ඕන වුණේ ටක් ගාලා නැගිටලා දුවන්න කොහෙට හරි.

ඒත්…. මම නැහිටින්න හැදුවට නැගිටින්න පුළුවන් වුණේ නෑ. මගෙ ඉස්සර කකුල් දෙක නෑ. පුංචි කාලෙ ඉඳලා උඩ පැන පැන දුවපු මට එදා නැගිටින්නවත් බැරි වුණා. මම කෑමට දුවන හැටි, ආපහු වතුර බොන්න දුවපු හැටි මතක වුණා. මම ගෙදර අය එන කොට ඉස්සරහට දුවපු හැටි මතක් වුණා. මිනිසුන්ට වගෙ බව්වෙක්ට වෙන කරන්න දෙයක් නෑ. මට ආසාවෙන් කරන්න පුළුවන්කම තිබුණු එකම දේ එහෙටයි මෙහෙටයි දුවන එක. ඒක ආයෙ මට කරන්න බෑ කියලා තේරුණා. මම එහෙම්ම බිම වැටිලා නිදාගත්තා. කකුල් දෙක හුඟාක් රිදුණා. මට තවම තේරෙන්නෙ නෑ මිනිස්සු ඇයි මට ඒ තරම්ම රිදෙන දෙයක් කළේ කියලා.

පස්සේ මට තේරුණා මං මේ ඉන්නේ වෙනදට සබවැජඑසදබ ගහන්න එන තැන කියලා. එතන දොස්තර මහත්තයෙක් හිටියා. එයාලා නං හරි කරුණාවන්තයි. ඒත් ඉස්සරහ අත් දෙක නැති නිසා මට කන්න බොන්නවත් විදිහක් තිබුණෙ නෑ. ගෙදර කට්ටිය මට කෑම බීම අරගෙන ආවා. නැගිටිඉන්න බැරි නිසා වතුර බොන්න පුළුවන් කමක් නැහැ. යන්තමට පෙරළිලා වතුර ටිකක් බිව්වා. කෑම කන්න හුඟාක් අමාරු වුණා. ගෙදර කට්ටිය ඇවිල්ලා ඔළුව අතගාන කොට විතරයි ටිකක් හරි සනීපයක් දැනුණෙ. කකුල් දෙකක් නැති නිසා මාව ගෙදර එක්කන් යන එකක් නෑ කියලා මට හිතුණා. ගෙදර ගියත් මට කරන්න දේකුත් නැහැ. මට හිටගෙන ඉන්නත් බෑ.

මට මොකද වෙන්නේ කියලා මට අහන්න කෙනෙක් හිටියේ නෑ. සමහර වෙලාවට රිදෙන ඉන්ජෙක්ෂන් ගැහුවා. මාව ගෙදර එක්කගෙන ගියත් මං කොහොමද ගෙදර යන්නේ. මං ලොකු නිසා මාව වඩාගෙන යන්නත් බෑ. මට පාර දිගේ ඇවිදගෙන යන්නත් බෑ. මං කියපු සුන්දරම සුන්දර කාලේ මතක් කර කර මම ඔහේ වැටිලා හිටියා. හැබැයි එක දවසක් මාව එක්කගෙන යන්න කියලා මගේ ගෙදර කට්ටිය ආවා. එයාලා මාව උස්සා ගෙන ගියා. හුඟක් අය මං ගැන කතා වෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඔය ෆේස්බුක් අරවා මේවයෙ මගේ ගැන ලියලා තියෙන ඒවා ගෙදර කට්ටිය මට පෙන්නුවා. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඉස්සර නම් මට ඔයාලා හමුවුණාම ඔයාලා ගාවට ඇවිල්ලා ඔයාලගේ මුහුණ ලෙවකන්න තිබුණා.

ඒත් දැන් ඉතින් මට එහෙම කරන්න බෑනේ. මම දන්නවා මට කරදරයක් වෙච්ච වෙලාවේ මුළු රටේම අය මගෙත් එක්ක හිටිය කියල. ඒක නෙමෙයි හොඳම කතාව. දන්නවද මං දැන් ඇවිදිනවා. ඉස්සර වගේම ඇවිදින්න බෑ තමයි. කොහොමත් මට දැන් කකුල් දෙකක් නැහැනේ. ඒත් අපේ රටේ ඉන්න හුඟක් හොඳ මිනිස්සු එකතු වෙලා මට ඇවිදින්න උදව් වෙන මොකක් හරි හදලා දීලා තියෙනවා. මම ඒකෙන් චුට්ට චුට්ට එහෙට මෙහෙට යනවා. සමහර වෙලාවට මට තාමත් ගෙදර එහෙට මෙහෙට දුවන්න හිතෙනවා. එහෙම වෙන්නේ මගෙ කකුල් දෙකක් නෑ කියලා මට අමතක වුණාම. පුංචි කාලේ දුවපු තැන් දිහා මම බලාගෙන ඉන්නවා.

හැබැයි දැන් මම ආයිත් කකුල් හතරෙන් නැගිටලා ඉන්නේ. කවුරු කොහොම කිව්වත් සමහර විට මගේ කකුල් දෙක ආයෙත් එයි. මොකද මට මතකයි මගේ කකුල් දෙක ඉස්සරහ මෙච්චර දිගට තිබුණෙ නෑ. ටික ටික තමයි මම ලොකු වුණේ. ඒ වුණාට ඉල්ලන්ට තියෙන්නෙ ආයෙත් නම් කවදාවත් කවුරුවත් මං වගේ බල්ලෙක්ට කරදරයක් කරන්න එපා. අපිට අපේ වේදනාවල් කියන්න තේරෙන් නෑ. ඒ නිසා පුළුවන්නං හැමෝම එකතු වෙලා රට වටේ ඉන්න සත්තුන්ට උදව් කරන්න. ඒක ලොකු පිනක්.

මට කකුල් හදපු මාමා දැන් තවත් සත්තුන්ට ඒ විදිහට කකුල් හදන්න ලෑස්තියි. එයා ඉල්ලන්නේ ඔයාලගේ ගෙවල්වල තියෙනවා නම් මොනවට හරි පාවිච්චි කරපු පුංචි රෝද. ඒවා ගෙනැල්ලා දෙන්න මං වෙනුවෙන්. මං වගේ අහිංසක බව්වෙක් ඒවායින් කකුල් හතරේ නැගිටියි. කොහොම හරි මං වෙනුවෙන් දුක්වුණු ඔයාලා හැමෝටම ස්තුතියි. ඉස්සර වගේ නෙමෙයි ඔයාලට දැන් මාව අඳුනගන්නත් ලේසියි නේ. ඇයි මම දැන් ඇවිත් ඉන්නේ අලුත් විදියකට නේ. කොහොම හරි කමක් නෑ මාව බේරගත්තට ඔයාලා හැමෝටම පින්.
ජීවන පහන් තිළිණ

උපුටා ගැනිම – mawratanews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මතු ආත්මෙකදි මගේ අම්මට මෙහෙම වෙන්න එපා" තෙමගුල සිහි කරමින් පැවැත්වූ හිස කෙස් දන්දීමේ දුර්ලභ පින්කම
09:12
Video thumbnail
අටමස්ථානයේ වැරැද්දක් වෙලා - වැරදි නොවෙන්නේ කාගෙ අතින්ද ?මේ පොඩි දෙයක්නේ - කළබලවෙන්න ඕනි නෑ
08:58
Video thumbnail
මෙලෝ අත්දැකීමක් නැති හිඟන්නු - කොහෙවත් ඉන්න එවුන්ට තියෙන රුදාව මොකක්ද ?
06:59
Video thumbnail
තව දුරටත් කතා කර කර ඉන්න ඕනිද ? - ඇමති පෝල්රාජ්ගෙන් සැර කතාවක් - දැඩි තීන්දු ගන්න ඕනි
04:33
Video thumbnail
අසනීප වූ මගියෙක් රැගෙන රෝහලට ගිය බස් රියදුරා - ඒ මනුස්සකමට..එකෙන්ම Respect..!
00:55
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46