නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්

නාවික හමුදාපති අද්මිරාල් කාංචන බානගොඩ පොලිස් මූලස්ථානයට පැමිණ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සමඟ අද (01) සුහද සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

නාවික හමුදාපති අද්මිරාල් කාංචන බානගොඩ, ඊයේ (30) දින වයිස් අද්මිරාල් නිලයේ සිට අද්මිරාල් නිලයට උසස් වීම් ලද අතර, පොලිස්පතිතුමා විසින් එතුමාහට සුභාසිංශන පළ කළා.

නාවික හමුදාපති වශයෙන් ඉටුකළ සේවය හා රාජකාරි සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි දැක්වු සහයෝගීතාවය පොලිස්පතිතුමා විසින් අගය කර තිබෙනවා.

මෙම අවස්ථාවේදී පොලිස්පතිතුමා විසින් අද්මිරාල් කාංචන බානගොඩ මහතා වෙත සමරු සිහිවටනයක්ද පිළිගැන්වීමට කටයුතු කර තිබුණා.