භෞත චිකිත්සකවරියගේ ඝාතනයට කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිත් අල්ලයි

තෙල්දෙනිය ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ, අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියකගේ මළ සිරුර සොයා ගැනීමේ සිද්ධියට කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වළාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් ඔහුව අත්අඩංගුව ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන භෞත චිකිත්සකවරියගේ විවාහක පෙම්වතා සහ ඔහුගේ බිරිඳට සැඟව සිටීමට ආධාර අනුබලදීමේ චෝදනාව මත ස්ථානාධිපතිවරයා අත්අඩංගුව ගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙම සිද්ධියට මීට පෙර අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ ප්ර්ධනස් අක්කරුට සහාය වූ තවත් සැකකරුවෙකු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) අවසර ලබා දුන්නා.

පසුගිය 17 වනදා තෙල්දෙනිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ තිබී භෞත චිකිත්සකවරියගේ මළ සිරුර සොයා ගැනුණා.

සොයාගත් මෘත ශරීරය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ එය ගෙළ සිරකිරීමකින් මෙම මරණය සිදුකර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20