UPDATE:කෙහෙළිය, බිරිඳ හා දියණියව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනියි (වීඩියෝ)

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ හා දියණිය ව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (18) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේ ප්‍රකාශයක් ලබාදීම සඳහා යි.

අයථා වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනාවකට මෙලෙස කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.

2024 මාර්තු 14 වැනි දින අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද හිටපු අමාත්‍යවරුන්ගේ වත්කම් බැරකම් විගණනය කර ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට අදාළ ව මෙම අත් අඩංගුවට ගැනීම සිදු ව ඇති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය තහවුරු කළේ.

එම වත්කම් බැරකම් විගණනය කළ යුතු බවට පැමිණිලි කෙරුණු ලැයිස්තුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඒ.එච්.එම්. ෆවුසි, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, මෛත්‍රීපාල සිරිසේන, පවිත්‍රා වන්නිආරච්චි හා චන්න ජයසුමන යන අය ද නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
29
+1
1
+1
95
+1
2
+1
4
+1
2
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48