AFC Banner
AFC Banner
Empty Ad

කෙහෙළිය ඇතුළු සැකකරුවන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරයි

තත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සියලු සැකකරුවන්ගේ ඇප අයදුම් අදාළ නඩුව විභාග කොට අවසාන වන තුරු ප්‍රතික්ෂේප කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ අද (14)දිනයේ සලකා බැලූ අවස්ථාවේදීයි.

මේ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම මෙලෙස ප්‍රතික්ෂේප වනු ඇති.

එමෙන්ම නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර තිබෙනවා.

නැවත අදාළ නඩුව මාර්තු මස 28වනදා කැදවීමටයි මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
11
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?