කෙහෙළිය ඇතුළු පවුලේ 06 දෙනෙකුගේ ස්ථාවර ගිණුම්වලට අත්හිටවූ නියමයක්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සමාජිකයින් පිරිසකට අයත් රුපියල් මිලියන 97කට අධික බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු අත්හිටුවමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් කරනු ලැබූ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ.

දැනට සිදු කරන විමර්ශනයකට අදාළ ව අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ තම කොමිසමට පැවරී තිබෙන බලතල ප්‍රකාර ව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් රුපියල් මිලියන 97කට අධික ස්ථාවර තැන්පතු බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමට තීරණය කර තිබුණා.

එම තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඔක්තෝබර් මස 04 වනදා තෙක් බල පැවැත්වෙන පරිදියි අදාළ බැකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු අත්හිටුවමින් නියෝගයක් නිකුත් කළේ.

එදින මෙම විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද අධිකරණය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10


?