කෙහෙළිය ඇතුළු පවුලේ 06 දෙනෙකුගේ ස්ථාවර ගිණුම්වලට අත්හිටවූ නියමයක්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සමාජිකයින් පිරිසකට අයත් රුපියල් මිලියන 97කට අධික බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු අත්හිටුවමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් කරනු ලැබූ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ.

දැනට සිදු කරන විමර්ශනයකට අදාළ ව අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ තම කොමිසමට පැවරී තිබෙන බලතල ප්‍රකාර ව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් රුපියල් මිලියන 97කට අධික ස්ථාවර තැන්පතු බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමට තීරණය කර තිබුණා.

එම තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඔක්තෝබර් මස 04 වනදා තෙක් බල පැවැත්වෙන පරිදියි අදාළ බැකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු අත්හිටුවමින් නියෝගයක් නිකුත් කළේ.

එදින මෙම විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද අධිකරණය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48