කෙහෙළිය ඇතුළු පවුලට පවරා ඇති නඩුව කල් යයි

රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු ඇති නඩුව ඔක්තෝබර් 01 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළා.

ඒ, මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ අද (15) දිනයේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අතුරින් කිහිපයක් අල්ලස් කොමිසම විසින් විත්ති පාර්ශ්වයට විවෘත අධිකරණයේ දී භාර දෙනු ලැබුවා.

තවදුරටත් ලේඛන අවශ්‍ය නම් ඒවා අද (15) දින සිට සති දෙකක් ඇතුළත අධිකරණයට දැනුම් දෙන ලෙස එහිදී අධිකරණය විසින් විත්ති පාර්ශවයට නියම කර තිබෙනවා.

ඉන් අනතුරුව නඩුව යළි ඔක්තෝබර් 01 වනදා කැඳවීමට දින නියම කෙරුණා.

2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා දක්වා කාල සීමාව තුළ ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යංශවල කටයුතු කරමින් අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වත්කම් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා, ඔහුගේ දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48