Empty Ad
Empty Ad
AFC Banner

කෙහෙළියට සහ පවුලේ සාමාජිකයින්ට පැන වූ තහනම ජනවාරි තෙක් දීර්ඝ කෙරේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු කිහිපයක් අත්හිටුවමින් නිකුත් කර තිබූ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය විසින් අද (04) මේ බව දැනුම් දුන්නා.

කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු 05ක් අත්හිටුවමින් අද (04) දින තෙක් බලපැවැත්වෙන පරිදි නියෝගයක් මීට පෙර කොළඹ මහාධිකරණය නිකුත් කර තිබුණා.

අද දින අල්ලස් කොමිසම අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් සලකා බලමින් එම අත්හිටුවීමේ නියෝගය එලෙඹන ජනවාරි 04 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමටයි කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?