කෙහෙළියට උදව් දුන් ව්‍යාපාරිකයාට සහ අනෙක් සැකකරුට ඇප

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධ මුදල් විශුද්ධිකරණ වරදට ආධාර සහ අනුබල දුන්නැයි කියන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් ඇතුලු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (10) නියෝග කළා.

එම සැකකරුවන් දෙදෙනාට ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක්‌ නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද නියෝග කරනු ලැබුවා.

එසේ ඇප ලබා දෙනු ලැබුවේ නිමල් සිසිර කුමාර සහ හිටපු ඇමති කෙහෙලිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයෙක් බව කියන සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල යන අයටයි.

කෙහෙලිය රඹුක්වැල්ලගේ දියණියක් වන චාමිත්‍රී ජයන්ත රඹුක්වැල්ලට පෙර නඩු දිනයේදී ඇප ලබා දී තිබුණා.

සිද්ධියට අදාළ සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරිිමෙන් අනතුරුව අධිකරණයෙන් මෙලෙස නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව අද උදෑසන අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ රියෙන්සි අර්ෂකුලරත්න සඳහන් කර සිටියේ පළමුවෙනි සැකකරු වන නිමල් සිසිර කුමාර අධිකරණයට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බවයි.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ ප්‍රකාශය ලබාදීම සම්බන්ධයෙන් පළමුවන සැකකරු අධිකරණයට කැමැත්ත පල කර අවසර ලබා ගත යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට නඩුව නැවත කැඳවූ අතර ප්‍රකාශය ලබාදීම පස්වරු 1.20ට කල් තැබුවා.

ඉන්පසු පස්වරු 1.20ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිලමැදිරියේදී ප්‍රකාශය ලබා දුන් අතර ඉන්පසුව එම සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දුන්නා.

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් හැත්තෑ හතර කෝටියක (කෝටි 74.8)ක මුදලක් නීති විරෝධී ලෙස උපයා විශුද්ධිකරණය කිරීමේ ක්‍රියාවලියට සැකකරු සහාය දී ඇති බවට ඔහුට චෝදනා ගොනු කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දැක්වුවා.

තමාට හිමි නොවන මුදලක් බව දැන දැනම, එම මුදලින් රුපියල් කෝටි 3ක මුදලක් තම සන්තකයේ තබාගැනීම මොහුට එරෙහි ඇති ප්‍රධානම චෝදනාව බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.

ඒ අනුව 2011 අංක 40 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වැරදි සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා එල්ල වන බව විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට පැවසූවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉකුත් (28) වන දින සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමේන් අනතුරුව අද (10) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

නඩුව ජුනි 2 නැවත කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උද්ඝෝෂණයේ ඉන්නේ ධීවරයින් නෙවෙයිද ?කැබිනට් ඇමති සියල්ල හෙළිකරයි
08:17
Video thumbnail
රුපියලක්වත් අපි අවභාවිතා කරන්නේ නෑ
02:23
Video thumbnail
රාජපක්ෂලා බෞද්ධයාගේ කර මතින්ද ගොඩ ගියේ ?..අපි බය නෑ..මං සිංහල බෞද්ධ
01:53
Video thumbnail
"සෞඛ්‍ය ඇමති TikTok බලන එක නවත්තන්න"..නාමල්ව හිරේට දාලා ඡන්දෙට යනවද ?
04:09
Video thumbnail
ආණ්ඩුවට තව වැඩි කාලයක් නෑ
05:57
Video thumbnail
තුවක්කුවක් උස්සගෙන එළවලු ගන්න ආ මනුස්සයා..?
01:42
Video thumbnail
අපි කියන දේවල් මෙයාලට බිහිරි අලින්ට වීණා වයනවා වගේනේ..රැකියා විරහිත උපාධිධාරීන් සැරටම දෙසයි..
03:47
Video thumbnail
ත්‍රී රෝද රථයක් ටිපර් රථයක ගැටී රියදුරුට ජීවිතය අහිමි වෙයි
00:52
Video thumbnail
ආණ්ඩුව 2/3 බලයෙන් උන්මාදවෙලා..සජබයෙන් සැර කතාවක්
08:16
Video thumbnail
මාදැල් ධීවරයින්ට රත්න ගමගේ උත්තර දෙයි..අනාගතයක් ගැන හිතලයි අපි මෙහෙම තීරණයක් ගත්තේ..
01:09


?