කෙහෙළියගේ පෙත්සම සලකා බලනවා ද නැද්ද – තීරණය අගෝස්තු 01 වැනිදා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හරින්නනේ ද? නැත්ද ? යන නියෝගය අගෝස්තු මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (02) නියෝග කළා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව නඩුවට අදාළ ලිඛිත දේශන තිබේ නම්; ඒවා ජූලි මස 15 වැනිදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පාර්ශ්වකරුවන්ට දැනුම් දුන්නා.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන ප්‍රශ්නගත ඖෂධ මිල දී ගැනීමේ ක්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධයක් තිබෙන බව පෙන්වා දුන්නා.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව මෙවැනි ඖෂධ මිල දී ගැනීමක් සිදු කිරීමට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියේ දී තම සේවාදායකයා නිර්දෝෂී පුද්ගලයෙකු බව සඳහන් කළා.

මෙම ඖෂධ මිල දී ගැනීමේ ක්‍රියාවලියට තම සේවාදායකයා සම්බන්ධ වූයේ සිය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් මත බවත් ඊට ඔහුගේ පෞද්ගලික මැදිහත්වීමක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10


?