කෙහෙළියගේ පෙත්සම ගැන වැඩිදුර සලකා බැලීම කල් යයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට (02) දින තෙක් කල් තැබුණා.

මෙම පෙත්සම අද (01) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණා.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මතභේදයට තුඩු දී තිබෙන අදාළ ප්‍රතිදේහ එන්නත් ප්‍රමාණවත් තොග සෞඛ්‍ය අමාත්‍යාංශය සන්තකයේ තිබියදී එම ඖෂධවල හිඟයක් පවතින බවට නොමග යවන ආකාරයේ තොරතුරු හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.

ඒ ආකාරයෙන් අමාත්‍ය මණ්ඩලය නොමග යවා ප්‍රශ්නගත ඖෂධ තොගය මිල දී ගැනීමට පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයා ක්‍රියාකර ඇති බවත් ඔහුගේ දායකත්වයක් නොතිබුණා නම්; මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවීමට කිසිසේත් ම අවස්ථාවක් නොතිබූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා.

විමර්ශන සම්බන්ධයෙන් තමන් වෙත ඉදිරිපත් වූ සියලු බී වාර්තා සහ වැඩිදුර වාර්තා පරිශීලනයට ලක් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් පෙත්සම්කරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය නිකුත් කර ඇති බවත් මහේස්ත්‍රාත්වරියගේ නියෝග සියල්ල නීත්‍යානුකූල බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දක්වා සිටියා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රශ්න ගත් ඖෂධ මිල දී ගැනීමේ ක්‍රියාවලියේ දී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දුන්නා.

මෙම සිද්ධියෙන් අවසාන වශයෙන් පීඩාවට පත් වූයේ රටේ මහජනතාව බවත් එබැවින් මේ සම්බන්ධයෙන් අධිකරණයට පැමිණ කරුණු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කළ බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වා සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම හෙට දින දක්වා කල් දැමුණු අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා වැඩිදුරටත් කරුණු දැක්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48