කෙහෙළියගේ නිවාස හානිය වෙනුවෙන් ලැබුණු ලක්ෂ 959 මුදල ඇති බැංකු ගිණුම ගැන තීන්දුවක්

හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැ­ල්ලගේ නිවෙ­සට පහ­ර­දීම නිසා සිදු වූ හානිය වෙනු­වෙන් පසු­ගිය ආණ්ඩුව ගෙවන ලද රුපි­යල් ලක්ෂ 959ක වන්දි මුදල බැර කර ඇති පාර්ලි­මේන්තු ශාඛාවේ ජංගම ගිණුම අත්හි­ටු­ව­මින් දී ඇති අධි­ක­රණ නියෝ­ගය අහෝසි කරන ලෙස කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහා­ධි­ක­රණ විනි­සුරු ආදි­ත්‍යය පට­බැදි මහතා ඊයේ (19) නිෂ්ප්‍රභ කළා.

අල්ලස් හෝ දූෂණ කොමි­සම සිදු කරන විම­ර්ශ­න­ය­කට අදා­ළ ව කොළඹ මහා­ධි­ක­ර­ණය හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැ­ල්ලගේ සහ ඔහුගේ පවුලේ උද­වි­යට අයත් දේපොළ, බැංකු ගිණුම් සහ රක්ෂණ ගිවි­සුම් කිහි­ප­යක් පසු­ගිය සැප්තැ­ම්බර් මස සිට අත්හි­ටුවා තිබෙන බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

වන්දි මුද­ලට අම­ත­ර ව හිටපු ඇමැ­ති­ව­ර­යාගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප ද බැරව ඇත්තේ අත්හි­ටුවා ඇති රාජ්‍ය බැංකු­ව­කට අයත් පාර්ලි­මේන්තු ශාඛාවේ ගිණු­ම­ටයි.

වග­උ­ත්ත­ර­ක­රුගේ දිය­ණි­යක වූ චමිත්‍රී ජය­නිකා රඹු­ක්වැල්ල නමැති තැනැ­ත්තිය නීති­ඥ­යන් මාර්ග­යෙන් මෝසමක් ගොනු කර­මින් බැංකු ගිණුම් තහ­නම ඉවත් කරන ලෙස ඉල්ලී­මක් කර තිබුණා.

එම ඉල්ලී­මට අල්ලස් හෝ දූෂණ කොමි­සම බල­වත් ලෙස විරු­ද්ධ­ත්වය ප්‍රකාශ කර­මින් අත්හි­ටුවා ඇති ගිණු­මට මෙම මුදල් ලැබී­ම්ව­ලට අති­රේ­කව වෙනත් මුලා­ශ්‍ර­ව­ලින් මුදල් ලැබී ඇති බවත් ඒ පිළි­බඳ පරී­ක්ෂණ සිදු­වන බවත් පෙන්වා දුන්නා.

අදාළ මුදල් වෙනත් බැංකු ගිණු­ම­කට බැර කළ හැකි දැයි උසා­විය විමසා සිටි අව­ස්ථාවේ බැංකු ගිණු­මක් ආරම්භ කිරී­මේ දී මතුව ඇති ගැටලුසහ­ගත තත්ත්වය පිළි­බඳ වග­උ­ත්ත­ර­කාර පාර්ශ්වයේ නීති­ඥ­යන් අධි­ක­රණයේ අව­ධා­නය යොමු කර සිටියා.

ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ අධි­ක­ර­ණය නියෝ­ගය නිකුත් කිරීම ඊයේ දින දක්වා කල් තැබූ බවයි වාර්තා වූයේ.

අල්ලස් කොමි­සම විසින් සිදු කරන විම­ර්ශ­න­ය­කට අදා­ළව කොළඹ මහා­ධි­ක­ර­ණය විසින් හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැ­ල්ලට අයත් රුපි­යල් ලක්ෂ 200කට අධික වටි­නා­ක­මක් සහිත ජංගම සහ ස්ථාවර බැංකු තැන්පතු ගිණුම් 2ක් මේ වන විට අත්හි­ටුවා තිබෙනවා.

කොළඹ මහා­ධි­ක­ර­ණය වග­උ­ත්ත­ර­ක­රුගේ බැංකු ගිණු­ම්ව­ලට අම­ත­රව ඔහුගේ පවුලේ උද­වි­යට අයත් තවත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක්, රක්ෂණ ඔප්පු 3ක් ද අත්හි­ටුවා තිබෙන බවත් සඳහන්.

ඒවායේ වටි­නා­කම රුපි­යල් 97,125,000කට අධි­කයි.

එම දේපො­ළ­ව­ලට අම­ත­රව කෙහෙ­ළිය රඹු­ක්වැ­ල්ලගේ පුත් රමිත රඹු­ක්වැල්ල විසින් මිලදී ගෙන ඇති කොල්ලු­පිටිය ප්‍රදේ­ශයේ සුපිරි මහල් නිවාස සංකී­ර්ණ­යක ඇති නිවාස දෙකක් පරි­හ­ර­ණය තහ­නම් කර­මින් කොළඹ මහා­ධි­ක­ර­ණය තවත් නියෝ­ග­යක් නිකුත් කර තිබෙනවා.

එම නිවාසේ වටි­නා­කම කෝටි 14.5ක්.

2023 අංක 9 දරන අල්ලස් හෝ දූෂණ විරෝධී පනතේ 53(1) වැනි වග­න්තිය අනුව මුදල් විශු­ද්ධි­ක­රණ නමැති වරද සිදු කිරීමේ චෝද­නාව යටතේ හිටපු ඇමැති කෙහෙ­ළිය බණ්ඩාර දිසා­නා­යක රඹු­ක්වැල්ල, ඔහුගේ බිරිය වන කුසුම් ප්‍රිය­ද­ර්ශනී ඈපා වීහේන සහ දරු­වන් වන චමිත්‍රී ජය­නිකා රඹු­ක්වැල්ල, චනුලා රමාලී රඹු­ක්වැල්ල, අමාලී නය­නිකා රඹු­ක්වැල්ල හා බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ග­ස්දෙ­ණිය යන අයට අයත් දේපොළ ඒ අනුව අත්හි­ටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
15
+1
3
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48