මේ වනවිට විදේශ ගතව සඟව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ නමැති අපරාධකරුට විදේශ ගමන් බලපත්‍ර දෙකක් සකස්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙස අධිකරණය අද (06) නියම කරනු ලැබුවා.
ඒ, අනුව සැකකරුවන් රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළා.
ඊට අමතරව ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයේ තබන ලෙසට ද සැකකරුවන්ට නියෝග කර සිටියා.
ඒ, අනුව මෙම නඩුව ලබන නොවැම්බර් මස 13 වනදා යළි කැඳවීමට නියම වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1





