කෘෂි ලේකම්ගෙන් පොලිස්පතිට ලිපියක් – අමාත්‍යාංශයට අලුත් චක්‍රලේඛයක්

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් සිදුකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් දී තිබෙනවා.

කෘෂිකර්ම ලේකම් ගුණදාස සමරසිංහ වෙත අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

එම උපදෙස් අනුව එම ආයතනයට අනවසරයෙන් ඇතුළු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස දන්වමින් ලිපියක් මඟින් අද (21) දිනයේ පොලිස්පතිවරයා පැමිණිල්ලක් සිදුකිරීමට නියමිතයි.

ගොවි එකමුතුවක් යැයි කියා ගන්නා සංවිධානයක පිරිසක් මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අනවසරයෙන් ඇතුළු වී තිබූ අතර ඔවුන් එහි සේවය කරන පිරිස අපහසුතාවට පත් වන ආකාරයෙන් හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ඉදිරියේ දී කිසිඳු පුද්ගලයෙකුට නිසි අවසරයකින් තොරව කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කිසිඳු ගොවිපොළකට හෝ පර්යේෂණ ආයතනයකට ඇතුළුවීම සඳහා ඉඩ ලබානොදීමට අදාළව ආයතන බලධාරින්ට උපදෙස් ලබාදෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04