spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෘෂි ලේකම්ගෙන් පොලිස්පතිට ලිපියක් – අමාත්‍යාංශයට අලුත් චක්‍රලේඛයක්

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් සිදුකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් දී තිබෙනවා.

කෘෂිකර්ම ලේකම් ගුණදාස සමරසිංහ වෙත අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

එම උපදෙස් අනුව එම ආයතනයට අනවසරයෙන් ඇතුළු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස දන්වමින් ලිපියක් මඟින් අද (21) දිනයේ පොලිස්පතිවරයා පැමිණිල්ලක් සිදුකිරීමට නියමිතයි.

ගොවි එකමුතුවක් යැයි කියා ගන්නා සංවිධානයක පිරිසක් මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අනවසරයෙන් ඇතුළු වී තිබූ අතර ඔවුන් එහි සේවය කරන පිරිස අපහසුතාවට පත් වන ආකාරයෙන් හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ඉදිරියේ දී කිසිඳු පුද්ගලයෙකුට නිසි අවසරයකින් තොරව කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කිසිඳු ගොවිපොළකට හෝ පර්යේෂණ ආයතනයකට ඇතුළුවීම සඳහා ඉඩ ලබානොදීමට අදාළව ආයතන බලධාරින්ට උපදෙස් ලබාදෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?