කෘෂිකාර්මික කටයුතුවලට හෙට සිට භූමිතෙල්

ධීවරයන්ගේ භුමිතෙල් ගැටලුව විසඳනු ලැබූ යාන්ත්‍රණයම භාවිතා කර ඉදිරි දින 03 තුළ ලංකාවේ සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වෙත භුමිතෙල් නිකුත් කිරීම හෙට (29) සිට ආරම්භ කරන බව ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකොන් මහතා පවසා සිටියා.

2022 නොවැම්බර් 1 වනදා සිට 19 වනදා දක්වා දිනකට භුමිතෙල් බවුසර් 29 බැගින් බෙදාහැර තිබූ අතර, නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසුව නොවැම්බර් 23 සිට නොවැම්බර් 27 දක්වා බවුසර් 229ක් (දෛනික සාමාන්‍ය 45.8) ධීවරයින් හා ගොවීන් වෙත නිකුත් කර ඇත. එය 17% ක වැඩිවීමක් බව තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?