කෘෂිකාර්මික කටයුතුවලට භූමිතෙල් නිකුත් කිරීම අද සිට

අද (29) දිනයේ සිට කෘෂිකාර්මික ප්‍රදේශවලට භූමිතෙල් නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙළ රජය විසින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව ධීවරයින්ගේ භූමිතෙල් ගැටලුව විසඳනු ලැබූ යාන්ත්‍රණයම භාවිත කරමින් කෘෂිකාර්මික කටයුතු සඳහා ද භූමිතෙල් ලබාදෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉන්ධන අන්තර් පළාත් දිස්ත්‍රික් හුවමාරු භාණ්ඩයක් බව සළකා කෘෂිකර්ම, අපනයන, වැවිලි භෝග, මල් හා විසිතුරු වගා ඇතුළු සෑම කෘෂි ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වනවා.

කෘෂි වගාවන් සඳහා භූමිතෙල් සැපයීමේ දී රජයට ඩොලර් ලක්ෂ 30 කට ආසන්න පිරිවැයක් දැරීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

මේ අතර, එළැඹෙන දෙසැම්බර් 01 දා සිට ගෘහස්ථ සහ අත්‍යවශ්‍ය සේවා සඳහා සාමාන්‍ය පරිදි ගෑස් සිලින්ඩර බෙදාහැරීම සිදුවන බව ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ඊයේ (28) සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17