කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනයවල සේවක නිවාඩු ජූලි 06 සිට 15 වනදා දක්වා අත්හිටුවීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඉන්දීය රජය විසින් මෙරටට ලබාදෙන යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් රැගත් නෞකාවක් ලබන ජූලි මස 06 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතයි.
අදාල පොහොර තොගය ගොවි ජනතාව වෙත කඩිනමින් බෙදාහැරීම සඳහා සියලු පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අද (24) දින කෘෂිකර්ම ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1