AFC Banner
Empty Ad
Empty Ad

කෘත්‍රීම බුද්ධිය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය 24 වනදා

පාර්ලිමේන්තුව ලබන 23 වන අඟහරුවාදා රැස්වීම නියමිතව තිබෙනවා.

ඒ, අනුව එම සතියේ පාර්ලිමේන්තුව 26 දක්වා රැස්වීමටයි කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්
ඊයේ (18) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර ඇත්තේ.

ජූලි 23 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා සිවිල් නඩුවිධාන සංග්‍රහය (සංශෝධන) (දෙවැනිවර කියවීම) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජූලි 24 වැනි බදාදා පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇති අතර, අනතුරුවපෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ විසින් ගෙනෙනු ලබන ”කෘත්‍රීම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජූලි 25 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තිරණය වී තිබෙනවා.

මේ අනුව අදාළ විවාදය සදහා වැඩි කාලයක් ලබාදීමේ අරමුණින් ඒදින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සළකා නොබැලීමටත් ද මෙහිදී එකඟත්වය පළ වී ඇති බව සඳහන්.

ජූලි 26 සිකුරාදා සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් සදහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන ගරු ඒ.ඒච්.ඒම් අලවි, ගරු ඒම්.ඒන් අබ්දුල් මජීඩ්, ගරු පාලිත තෙවරප්පෙරුම සහ ගරු මිල්රෝයි ප්‍රනාන්දු යන මහත්වරුන් සදහා ශෝක යෝජනා පළ කිරීමට එදින පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය වෙන්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සර්වජන බලයේ මීළඟ බලාපොරොත්තුව #dilithjayaweera
01:55
Video thumbnail
පොහොට්ටුව ඇතුළු තවත් පක්ෂ කිහිපයකට සර්වජන බලයෙන් ඇරයුම් - දිලිත් ජයවීරගේ Master plan එක එළියට
02:44
Video thumbnail
සජබය නුවර ජයගන්න විදිය තිස්ස ගනන් හදලම මාධ්‍යට කියයි #sajithpremadasa
02:13
Video thumbnail
ලංකාව පුරා අවතැන් අයට මන් උදව් කරනවා - ජන දුක හඳුනන දිලිත් ජයවීර #dilithjayaweera
00:52
Video thumbnail
දිලිත්ගෙන් - පුතාණෝට සැර ටොක්කක් #dilithjayaweera #sajithpremadasa
00:59
Video thumbnail
සමගි ජන බලවේගය කෙරෙහි විශ්වාසය තියන්න #sajithpremadasa
01:24
Video thumbnail
සජිත්ට විපක්ෂ නායකකමේ - අර්ථය කියල දුන්න දමිළ ඇමති - අපි අලුත් ආණ්ඩුවට උදව් කරනවා
01:49
Video thumbnail
අපි සූධානම් උතුරේ වගකීම බාර ගන්න - සජිත්ගේ දවල් හීන - තිස්ස එළිපිටම කියයි #sajithpremadasa
01:49
Video thumbnail
VAT බදු පැහැරහැරියාට අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට නියම වුණ සිර දඬුවම #arrested
01:31
Video thumbnail
අපි ජනාධිපතිගේ කකුල් දෙකෙන් අදින්න ඡන්දෙ ඉල්ලනවා නෙවෙයි#anurakumaradissanayake #sjb
01:52

?