කෘත්‍රීම බුද්ධිය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය 24 වනදා

පාර්ලිමේන්තුව ලබන 23 වන අඟහරුවාදා රැස්වීම නියමිතව තිබෙනවා.

ඒ, අනුව එම සතියේ පාර්ලිමේන්තුව 26 දක්වා රැස්වීමටයි කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්
ඊයේ (18) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර ඇත්තේ.

ජූලි 23 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා සිවිල් නඩුවිධාන සංග්‍රහය (සංශෝධන) (දෙවැනිවර කියවීම) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජූලි 24 වැනි බදාදා පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇති අතර, අනතුරුවපෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ විසින් ගෙනෙනු ලබන ”කෘත්‍රීම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජූලි 25 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තිරණය වී තිබෙනවා.

මේ අනුව අදාළ විවාදය සදහා වැඩි කාලයක් ලබාදීමේ අරමුණින් ඒදින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සළකා නොබැලීමටත් ද මෙහිදී එකඟත්වය පළ වී ඇති බව සඳහන්.

ජූලි 26 සිකුරාදා සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් සදහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන ගරු ඒ.ඒච්.ඒම් අලවි, ගරු ඒම්.ඒන් අබ්දුල් මජීඩ්, ගරු පාලිත තෙවරප්පෙරුම සහ ගරු මිල්රෝයි ප්‍රනාන්දු යන මහත්වරුන් සදහා ශෝක යෝජනා පළ කිරීමට එදින පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය වෙන්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14