ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන්ගේ නිල මුද්‍රාව උපයෝගී කරගනිමින් කූඨ ලේඛන සකසා රේගුවේ නිශ්කාෂණය නොවූ වාහන දිවයිනේ විවිධ ප්‍රදේශවලට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
පයාගල , හල්කඳවිල ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයෙකු අද (10) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා. කුලී ගෙවීමේ පදනම මත වාහන ලබාදෙන ස්ථාන වෙතින් වාහන සොරකම් කොට එම වාහන අංකයන් වලට අදාලව රේගුවේ නිශ්කාෂණ නොවූ වාහන වලට ලේඛන සකස් කොට දිවයිනේ විවිධ ප්‍ර දේශවලට අලෙවිකර ඇති බව පොලිසිය පැවසීය.
ව්‍යාජ ලේඛන සකස්කොට අලෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ 3 ක් , ව්‍යාජ ලේඛන සීයකට ආසන්න ප්‍රමාණයක් , රුපියල් ලක්ෂ 45 ක් පමණ වටිනා ප්‍රේෂණපත් , රුපියල් ලක්ෂ 10 ක් පමණ මුදලක්, රේගුවේ උසස් නිලධාරීන් ගේ ව්යානජ මුද්රාෂ 10 ක් පොලිස් භාරයට ගනු ලැබුවා.