කූඨ ලෙස සැකසූ ග්‍රීක වීසාවලින් යුරෝපයට පළා යාමට තැත් කළ ව්‍යාපාරික පවුලක් අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ ග්‍රීක වීසා භාවිත කර යුරෝපය වෙත පළා යාමට පැමිණි ව්‍යාපාරික පවුලක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ඊයේ (24) ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සාමාජිකයින් සිව්දෙනෙකුගෙන් සමන්විත මෙම පවුල රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක මුදලක් තැරැව්කරුවෙකුට ගෙවා අදාළ ව්‍යාජ ග්‍රීක වීසා සකසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි පවුලක්.

මෝටර් රථ අලෙවි කිරීමේ ව්‍යාපාරික කටයුතුවල නිරත මෙම පවුලේ පියා 43 හැවිරිදි වියේ, මව 47 හැවිරිදි වියේ පසුවන අතර පුතුන් දෙදෙනා 21 සහ 16 යන වයස්වල පසුවනවා.

යුරෝපා රටවලට තානාපති කාර්යාලවල පවතින අධික කාර්යය බහුලත්වය හේතුවෙන් එම රටවලට අදාළ වීසා නිකුත් කිරීම “ගෝලීය වීසා පහසුකම් සැළසීමේ සේවාව ” නැමැති ආයතනය මඟින් සිදුකරනවා.

තැරැව්කරු විසින් මෙම ව්‍යාපාරිකයා ඉන්දියාවේ පිහිටි මෙම ආයතනයේ කාර්යාලය ඉදිරිපිටට කැඳවා ගෙන ගොස් පොරොන්දු මුදල ලබාගෙන මෙම ව්‍යාජ වීසා බලපත්‍ර ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ව්‍යාපාරික පවුල ඊයේ (24) පස්වරු 05.00ට බහරේන් බලා පිටත්ව යාමට නියමිත ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්.- 145 දරණ ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පළමුව බහරේන් නුවර වෙත ගොස්, වෙනත් ගුවන් යානයකින් ග්‍රීසියේ ඇතැන්ස් නුවර වෙත යාමටයි සැළසුම් කර තිබුණේ.

අත්අඩංගුවට ගැනුණු ව්‍යාපාරිකයා පවසා ඇත්තේ තමන්ට මෙම ග්‍රීක වීසා බලපත්‍ර සකස් කර දුන් තැරැව්කරු තවත් 20 දෙනෙකුට ද මේ ආකාරයට මුදල් ලබා ගෙන එම වීසා ලබාදුන් බවයි.

අත්අඩංගුවට ගැනුණු මෙම පවුලේ සාමාජිකයින් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?