කූඨ ලෙස සැකසූ ග්‍රීක වීසාවලින් යුරෝපයට පළා යාමට තැත් කළ ව්‍යාපාරික පවුලක් අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ ග්‍රීක වීසා භාවිත කර යුරෝපය වෙත පළා යාමට පැමිණි ව්‍යාපාරික පවුලක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ඊයේ (24) ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සාමාජිකයින් සිව්දෙනෙකුගෙන් සමන්විත මෙම පවුල රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක මුදලක් තැරැව්කරුවෙකුට ගෙවා අදාළ ව්‍යාජ ග්‍රීක වීසා සකසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි පවුලක්.

මෝටර් රථ අලෙවි කිරීමේ ව්‍යාපාරික කටයුතුවල නිරත මෙම පවුලේ පියා 43 හැවිරිදි වියේ, මව 47 හැවිරිදි වියේ පසුවන අතර පුතුන් දෙදෙනා 21 සහ 16 යන වයස්වල පසුවනවා.

යුරෝපා රටවලට තානාපති කාර්යාලවල පවතින අධික කාර්යය බහුලත්වය හේතුවෙන් එම රටවලට අදාළ වීසා නිකුත් කිරීම “ගෝලීය වීසා පහසුකම් සැළසීමේ සේවාව ” නැමැති ආයතනය මඟින් සිදුකරනවා.

තැරැව්කරු විසින් මෙම ව්‍යාපාරිකයා ඉන්දියාවේ පිහිටි මෙම ආයතනයේ කාර්යාලය ඉදිරිපිටට කැඳවා ගෙන ගොස් පොරොන්දු මුදල ලබාගෙන මෙම ව්‍යාජ වීසා බලපත්‍ර ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ව්‍යාපාරික පවුල ඊයේ (24) පස්වරු 05.00ට බහරේන් බලා පිටත්ව යාමට නියමිත ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්.- 145 දරණ ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පළමුව බහරේන් නුවර වෙත ගොස්, වෙනත් ගුවන් යානයකින් ග්‍රීසියේ ඇතැන්ස් නුවර වෙත යාමටයි සැළසුම් කර තිබුණේ.

අත්අඩංගුවට ගැනුණු ව්‍යාපාරිකයා පවසා ඇත්තේ තමන්ට මෙම ග්‍රීක වීසා බලපත්‍ර සකස් කර දුන් තැරැව්කරු තවත් 20 දෙනෙකුට ද මේ ආකාරයට මුදල් ලබා ගෙන එම වීසා ලබාදුන් බවයි.

අත්අඩංගුවට ගැනුණු මෙම පවුලේ සාමාජිකයින් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56