කූඨ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රයක් සමග පාකිස්තානු ජාතිකයෙක් අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රයක් භාවිතා කර තුර්කිය ඔස්සේ එක්සත් රාජධානිය වෙත පලා යාමට තැත් කළ පකිස්තානු ජාතිකයෙකු අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ගුවන්තොටුපොළ ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මොහු 57 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙක් බවයි.

අද පස්වරු 05.00 ට බහරේන් බලා පිටත්ව යාමට නියමිත ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී.එෆ්.- 145 දරන ගුවන් යානය සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම පුද්ගලයා පැමිණ තිබුණා.

ඔහු සිය නිශ්කාශන කටයුතු සඳහා ගල්ෆ් ගුවන් සේවා නිලධාරීන් වෙත භාර දුන් ලියකියවිලි අතර තිබූ එක්සත් රාජධානිය විසින් නිකුත් කළ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය පිළිබඳ ව ඇති වූ සැකය මත, මේ පිළිබඳ ව විමර්ශන කටයුතු සඳහා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී ඇති බවයි වාර්තාවන්නේ.

එහිදී සිදු කළ මූලික විමර්ශනවල දී මෙම නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙම පාකිස්තානු ජාතිකයා ඉකුත් 2020 වසර තෙක් එක්සත් රාජධානියේ වාසය කර ඇති අතර, ඉන්පසු ඔහු පකිස්තානයට පැමිණ ඇති බවයි හෙළි ව ඇත්තේ.

එහිදී ඔහු සතු එක්සත් රාජධානිය මගින් නිකුත් කර තිබූ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය අස්ථානගත වී තිබෙනවා.

ඉන්පසුව මොහු තම මිතුරෙකු මගින් මෙම නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කරවා ගෙන ඇති බවයි සිදු කළ පරීක්ෂණ මගින් හෙළි ව ඇත්තේ.

මෙම නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය ද රැගෙන ඉකුත් අගෝස්තු මස 10 වන දින සංචාරක වීසා බලපත්‍රයක් මත ශ්‍රී ලංකාවට පැමිණි මෙම පකිස්තානු ජාතිකයා අද පස්වරුවේ කටුනායක සිට මුලින් ම බහරේන් වෙත ගොස් එතැන් සිට යළිත් තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත ගොස් එතැනින් එක්සත් රාජධානිය වෙත පලා යාමටයි සැලසුම් කර තිබෙන්නේ.

මෙම පකිස්තානු ජාතිකයා අත්අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?