කූඨ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රයක් සමග පාකිස්තානු ජාතිකයෙක් අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රයක් භාවිතා කර තුර්කිය ඔස්සේ එක්සත් රාජධානිය වෙත පලා යාමට තැත් කළ පකිස්තානු ජාතිකයෙකු අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ගුවන්තොටුපොළ ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මොහු 57 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙක් බවයි.

අද පස්වරු 05.00 ට බහරේන් බලා පිටත්ව යාමට නියමිත ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී.එෆ්.- 145 දරන ගුවන් යානය සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම පුද්ගලයා පැමිණ තිබුණා.

ඔහු සිය නිශ්කාශන කටයුතු සඳහා ගල්ෆ් ගුවන් සේවා නිලධාරීන් වෙත භාර දුන් ලියකියවිලි අතර තිබූ එක්සත් රාජධානිය විසින් නිකුත් කළ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය පිළිබඳ ව ඇති වූ සැකය මත, මේ පිළිබඳ ව විමර්ශන කටයුතු සඳහා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී ඇති බවයි වාර්තාවන්නේ.

එහිදී සිදු කළ මූලික විමර්ශනවල දී මෙම නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙම පාකිස්තානු ජාතිකයා ඉකුත් 2020 වසර තෙක් එක්සත් රාජධානියේ වාසය කර ඇති අතර, ඉන්පසු ඔහු පකිස්තානයට පැමිණ ඇති බවයි හෙළි ව ඇත්තේ.

එහිදී ඔහු සතු එක්සත් රාජධානිය මගින් නිකුත් කර තිබූ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය අස්ථානගත වී තිබෙනවා.

ඉන්පසුව මොහු තම මිතුරෙකු මගින් මෙම නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කරවා ගෙන ඇති බවයි සිදු කළ පරීක්ෂණ මගින් හෙළි ව ඇත්තේ.

මෙම නිත්‍ය නේවාසික වීසා බලපත්‍රය ද රැගෙන ඉකුත් අගෝස්තු මස 10 වන දින සංචාරක වීසා බලපත්‍රයක් මත ශ්‍රී ලංකාවට පැමිණි මෙම පකිස්තානු ජාතිකයා අද පස්වරුවේ කටුනායක සිට මුලින් ම බහරේන් වෙත ගොස් එතැන් සිට යළිත් තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත ගොස් එතැනින් එක්සත් රාජධානිය වෙත පලා යාමටයි සැලසුම් කර තිබෙන්නේ.

මෙම පකිස්තානු ජාතිකයා අත්අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25