AFC Banner
AFC Banner
Empty Ad

කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට අවශ්‍ය පහසුකම් දෙන්න රජය සූදානම් – ජනපති

අතීතයේ මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවති කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ සඳහා නිසි සැලැස්මක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා කුළුබඩු සංගමය වෙත උපදෙස් දුන් ජනාධිපතිවරයා අවශ්‍ය පහසුකම් සලසාදීමට රජය සුදානම් අතර පෞද්ගලික අංශය ද එක් කර ගනිමින් එම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවයි සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (08) පස්වරුවේ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති ශ්‍රී ලංකා කුළුබඩු සංගමයේ 19 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින්.

ශ්‍රී ලංකාවේ කුරුදු කර්මාන්තයේ ප්‍රවර්ධනයට දැක්වූ දායකත්වය වෙනුවෙන් සාරද ද සිල්වා සහ මහාචාර්ය ජයසිරි ලංකාගේ යන මහත්වරු වෙත සම්මාන පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

ලෝකයේ ගුණාත්මකම කුළුබඩු තිබුණේ අපේ රටේයි. නමුත් පසුගිය අවුරුදු 30ක, 40ක කාලයේ දී කුළුබඩු කර්මාන්තය නොසලකා හැරීම හේතුවෙන් කුළුබඩු වලින් අපට ලැබෙන ආදායම අඩුවෙලා තිබෙනවා.

නමුත් දැන් එය වෙනස් විය යුතුයි. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය තිරසාරභාවය සමඟ අප තරඟකාරී ආර්ථිකයක් සහ අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් බවට පත් විය යුතුව තිබෙනවා. අපේ ණය ගෙවන්න නම් අපිට වැඩිපුර විදේශ විනිමය උපයා ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අපිට ගෙවුම් ශේෂයේ ධනාත්මක තත්ත්වයක් තිබෙන බව තහවුරු කිරීමට සිදු වෙනවා.

එසේනම් ආර්ථික ක්‍රියාකාරකම් වලදී තරගකාරී සහ විදේශ විනිමය ගෙනෙන අපනයන ආර්ථිකයක් කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. එහි ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස කුළුබඩු ක්ෂේත්‍රය හඳුනාගත හැකියි.

අතීතයේ දී මෙරට ආර්ථිකය ප්‍රධාන වශයෙන් රැඳී පැවතුනේ කුළුබඩු ක්ෂේත්‍රය මතයි. අප මෙහිදී පුළුල් වෙළෙඳපොළක් දෙස අවධානය යොමු කළයුතුයි. ඒ සඳහා රජය මේ වන විටත් මැදිහත් වී තිබෙනවා. අපි කුරුඳු සංවර්ධනය සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවා තිබෙනවා.

ඒ වගේම ගම්මිරිස් අතීතයේ පටන් ගෙවත්තේ වගා කළ බෝගයක්. එවැනි තවත් බොහෝ කුළුබඩු වර්ග තිබෙනවා. අප මේවා වැඩිදියුණු කිරිමට ඉලක්කගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කළයුතුයි.

ඒ වගේම අපේ රටේ ඉතා ගුණාත්මක සහ රසවත් කෝපි නිෂ්පාදනය කරනවා. ඒ වගේම අපේ රටේ තිබෙන කෝකාවා, හොදම කොකෝවා වර්ගවලින් එකක් බව පිළිගැනෙනවා. මෙම වගාවන් සඳහා අවශ්‍ය ඉඩම් ලබාදිමට රජය සූදානම්. ඒ වගේම තව පෞද්ගලික ඉඩම් තිබෙනවා. මෙම ක්ෂේත්‍රය නඟා සිටුවිමට අපි සියලුදනා එකතුවෙලා කටයුතු කරමු.

එසේම නව තාක්ෂණය සමඟ එක්වෙමින් කෘෂී නවීකරණ වැඩපිළිවෙළ සඳහා ද අප කඩිනමින් යොමු විය යුතුයි. මෙහිදී අපට පෞද්ගලික අංශයේ සහාය අවශ්‍ය වෙනවා.කුළුබඩු ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස කුළුබඩු කවුන්සිලයේ සිටින සියලුදෙනාගෙන් මම ඉල්ලා සිටිනවා. ඊට අවශ්‍ය සහාය ලබාදීමට ඇමතිතුමත් මමත් සුදානම් බව ප්‍රකාශ කිරීමට කැමතියි.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

කුළුබඩු ක්ෂේත්‍රය නංවාලීම සඳහා වැදගත් පියවර රැසක් ගැනීමට රජයක් ලෙස අපි බලාපොරොත්තු වෙනවා. කුරුඳු වටිනාකම් දාමය වැඩිදියුණු කිරීම වෙනුවෙන් කුරුඳු සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට ජනාධිපතිතුමා ගත් පියවර ඉතා කාලෝචිත එකක් බව කිවයුතුයි.

කුළුබඩු කර්මාන්තය ඇතුළු රටේ සමස්ත කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රජය පියවර රැසක් ගෙන ඇති බවද මෙහිදී සඳහන් කළයුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?