කුෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු හෙළිවේ

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සිදුකළ බවට සැකකෙරෙන කුෂ් නමැති මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව, ගුවන් තැපෑල ඔස්සේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි එම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1150ක් රේගු භාරයට ගත් බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කළේය.

අදාළ මත්ද්‍රව්‍ය තොගය පාර්සල් පහක අසුරා තිබු අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 80කට අධික බව ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

එම මත්ද්‍රව්‍ය රේගුවට අයත් ගුදමක ගබඩා කර තිබු අතර එම පාර්සල්වල හිමිකරුකරුවන් එය මුදාගෙන යාමට නොපැමිණීම හේතුවෙන් සැකසිතූ රේගු නිලධාරීන් එහි ලිපිනයන් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් එම පාර්සල්වල ලිපිනයන් ව්‍යාජ ලිපිනයන් බවට තොරතුරු තහවුරුවීමත් සමග අදාළ පාර්සල් තොගය විවෘත කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී ඇත.

එහිදි එම පාර්සල් තුළ තිබී කුෂ් නමැති එම මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?