AFC Banner
AFC Banner
Empty Ad

කුවේට් හී සේවයට ගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 32ක් පිටුවහල් කෙරේ

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් , එරට නීතිරීති උල්ලංඝනය කරමින් අනීතිකව රැදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 32ක් එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද (16) අලුයම මෙරටට පැමිණියා.

මෙම පිරිස ගිවිසුම් ගත රැකියා ස්ථානයෙන් හෝ නිවසෙන් පළාවිත් කුවේට් රාජ්‍යයේ පිටස්තර ප්‍රදේශවල රැකියා කරමින් සිටින අතරතුර, තමන්ගේ කැමැත්තෙන්ම ශ්‍රී ලංකා බලා යෑමට තානාපති කාර්යාලය වෙත පැමිණ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

මෙලෙස ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කර තිබූ කාන්තාවන් අනුරාධපුරය, වව්නියාව, ගම්පහ, කින්නියා, කොළඹ, කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකාරිනියන්.

මෙම පිරිස අද (16) දින අලුයම 03.10 කුවේට් රාජ්‍යයේ සිට අල් ජසීරා ගුවන් සේවයේ ජේ – 9 551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?