AFC Banner
AFC Banner
Empty Ad

කුරුන්දි විහාරය අසල උණුසුම් තත්වයක් (ඡායාරූප)

ඓතිහාසික මුලතිව් කුරුන්දි විහාරය අසල දේශපාලනඥයින් සහ ප්‍රදේශවාසීන් විසින් පොංගල් උත්සවයක් පැවත්වීමට යාමේදී දැඩි උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ දේශපාලන නියෝජිතයින් ඇතුලු පිරිසක් අද (14) විහාරය අසල පොංගල් උත්සවයක් පැවත්වීමට ගත් උත්සහයක් හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාව පොලිසිය විසින් මැඩ පැවැත්වූ බවයි.

කුරුන්දි විහාර භූමියේ කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් විසින් පොංගල් උත්සවයක් පැවත්වීමට උත්සහ ගන්නා බවට විහාරාධිපති ගල්ගමුවේ ශාන්ත බෝධි හිමියන් මුලතිව් පොලිසියට පසුගිය 11 වනදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඊයේ (13) මුලතිව් පොලිසිය විසින් මෙම පොංගල් උත්සවය නතර කිරීමට අධිකරණ නියෝගයක් ලබාදෙන්නැයි මුලතිව් අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියේ යම් නොසන්සුන්තාවයක් සිදු වනු ඇති බවට වූ සැකයක් හේතුවෙන්.

කෙසේ වෙතත් මුලතිව් අධිකරණයෙන් එලෙස නියෝගයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ අද උදෑසන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් ඇතුලු ප්‍රදේශවාසී පිරිසක් විසින් පොංගල් උත්සවයක් පැවත්වීමට පැමිණ තිබුණා.

විහාරාධිපති හිමියන් ඇතුලු තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් එම අවස්ථාවේ බුද්ධ පූජා වැඩසටහනකට එක්ව සිටි අතර එම අවස්ථාවේදී පැමිණි පිරිස් විසින් පොංගල් උත්සවයක් පැවත්වීමට යාමේදී යි දෙපිරිස අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇත්තේ.

එහිදී එම ස්ථානයට පුරාවිද්‍යා නිලධාරීන් සහ මුලතිව් පොලිසිය පැමිණි අතර පුරාවිද්‍යා නිලධාරීන් විසින් එම භූමියේ ගිනි දැල්වීම ඇතුලු කටයුතුවල නීති විරෝධී භාවය පෙන්වාදී තිබෙනවා.

පැමිණි පිරිස් විසින් ගිනිදැල්වීමට යාමේදී උණුසුම් තත්වයක් හටගත් අතර පොලිස් නිලධාරීන් විසින් දැනුම්දී ඇත්තේ සාමයට බාධා කර පුරාවිද්‍යා භූමියේ නීතිය කඩ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බැවින් වහාම නීති විරෝධී කටයුතු නතර කරන ලෙසටයි.

අනතුරුව පැමිණි පිරිස කුරුන්දි විහාර භූමියේ ගිනි නොදල්වා මල් මාලා පමණක් පූජා කර විසිර ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
2
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?