කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඔහුට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18කින් 11කටම ඔහු වැරදිකරු බවට තීන්දු කර තිබෙනවා.
හිටපු නගරාධිපතිවරයාගේ පාලන කාලය තුළ වැරදි සිදුකර ඇත්දැයි සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ නියමයෙන් පත් කරන ලද ඒක පුද්ගල පරීක්ෂණ කොමිසම විසින් එම තීන්දුව ලබා දී තිබෙනවා.
ඒ අනුව එම පරීක්ෂණ කොමිසම විසින් ලබාදී ඇති නිගමනවලට අනුව තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට ක්රියාත්මක වන පරිදි කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති ධූරයෙන් හා සභික ධූරයෙන් පහ කළ අයකු වශයෙන් සැලකිය යුතු බවට නියම කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද ඊයේ (08) නිකුත් කළේය.













