AFC Banner
Empty Ad
Empty Ad

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 108ක් වාර්තා වෙයි

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 848 දෙනා ගෙන් වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. බස්නාහිර පලාතෙන් ඊයේ දිනයේ දී වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 375ක් වනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 157ක් වනවා. ගොතටුව ප්‍රදේශයෙන් 19ක්, වැල්ලම්පිටිය 13ක්, දෙහිවල 14ක්, වැල්ලවත්ත 12ක්, අංගොඩ 11ක් සහ කොළඹ නගර සභා සීමාවෙන් ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 136ක් වාර්තා වී තිබෙන අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 18ක් ලෙස වත්තල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. මීගමුව සහ කඩවත ප්‍රදේශ දෙකෙන් ආසාදිතයින් 15 දෙනා බැගින් ද කැළණිය සහ රණාල යන ප්‍රදේශ වලින් ආසාදිතයින් 11 දෙනා බැගින් ද, මල්වාන ප්‍රදේශයෙන් 13ක් ලෙස ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 82ක් වාර්තා වී තිබෙනවා. අලුත්ගම සහ බේරුවල ප්‍රදේශයෙන් ආසාදිතයින් 12 දෙනා බැගින් ද, බඳුරලිය ප්‍රදේශයෙන් 10ක්, පානදුර 12ක්, කළුතර 08ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මිට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් 82ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 108ක්, ගාල්ල 54ක්, අම්පාර 13ක්, නුවරඑළිය 16ක්, හම්බන්තොට 14ක්, පොළොන්නරුව 10ක්, මාතලේ 34ක්, පුත්තලම 29ක්, මඩකලපුව 02ක්, කෑගල්ල 38ක්, රත්නපුර 19ක්, අනුරාධපුර 10ක්, මන්නාරම 02ක්, බදුල්ල 28ක් සහ මොණරාගල දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයෙකු වාර්තා වී ඇත.

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් දිස්ත්‍රික්ක 20 දෙනෙකු වාර්තා වී ඇති අතර මුලතිව්, යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍රික්ක වලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී නොමැති බවයි කොවිඩ් -19 පැතිරීම වැලක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?