AFC Banner
AFC Banner
Empty Ad

කුරුණෑගල කලු කඩේ ඉන්ධන ලීටරයක් 2000 යි.. බඩල්ගමත් පොලිස් හයියෙන් ජයටම කරන ඉන්ධන ජාවාරමක්

රට තුළ පවතින ඉන්ධන හිඟයත් සමඟ මේවනවිට කුරුණෑගල නීති විරෝධීව පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 2000 දක්වා ඉහළට ගොස් ඇති බව වාර්තාවේ.

පවතින ඉන්ධන හිඟය ප්‍රයෝජනය ගනිමින් නීති විරෝධී ආකාරයට ඉන්ධන රැස් කර තබාගෙන සිටින පුද්ගලයන් මෙලෙස මිළ ඉහළ නංවා ඇති බව ජනතාව කියති.

වෙළදපොළ පවතින මිළට වඩා හතර ගුණයකින් පමණ වැඩිකර අසාධාරණ ලෙස එම පිරිස් මේ ආකාරයට ඉන්ධන අලෙවි කරන බවට ජනතාව චෝදනා කරති.

තවද දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශයේද ඇති ඉන්ධන පිරවුම්හල්වලින් තෙල් ලබාගෙන වැඩි මිලට අලෙවිකරන වාහන පිරිසිදු කරන ආයතනයක පුද්ගලයෙකු පිළිබඳ අප වාර්තාකරුවන් පවසනවා.

ඔහු විසින් තෙල් අර්බුදය ආරම්භ වූ දිනයේ පටන් මහා පරිමාණයෙන් මෙලෙස මෙම ඉන්ධන ජාවාරමේ නිරත වන බවයි වාර්තා වන්නේ.

පොලිසියද මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අනුගමනය නොකරන බවත් ඒ සඳහා ඔවුන්ගේ සහයද ලැබෙන බවත් තොරතුරු වාර්තා වනවා.

පූගොඩ ප්‍රදේශයේද පාතාලයට සම්බන්ධ පිරිස් විසින් මහජනතාව පීඩාවට පත්කරමින් දින ගණන් පෝලිම්වල පුද්ගලයන් සිටිද්දී වෙනත් පුද්ගලයන්ට ඉන්ධන ලබාදීමට මැදිහත් වන බව අප වාර්තාකරුවන් පවසනවා.

සියලු ජනතාව ඉන්ධන ගැටලුව නිසා පීඩාවට ලක්ව ඇති මොහොතකත් ඉන්ධන ගසාකමින් තම මඩිහ තරකරගන්නා මිනිස්සුන්ට නීතිය ඉටු නොවුණද සොබාදහම නිසි දඩුවම් ලබාදෙනු ඇති බව අදාල ප්‍රදේශවල පුද්ගලයන් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?