කුරුණෑගල කලු කඩේ ඉන්ධන ලීටරයක් 2000 යි.. බඩල්ගමත් පොලිස් හයියෙන් ජයටම කරන ඉන්ධන ජාවාරමක්

රට තුළ පවතින ඉන්ධන හිඟයත් සමඟ මේවනවිට කුරුණෑගල නීති විරෝධීව පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 2000 දක්වා ඉහළට ගොස් ඇති බව වාර්තාවේ.

පවතින ඉන්ධන හිඟය ප්‍රයෝජනය ගනිමින් නීති විරෝධී ආකාරයට ඉන්ධන රැස් කර තබාගෙන සිටින පුද්ගලයන් මෙලෙස මිළ ඉහළ නංවා ඇති බව ජනතාව කියති.

වෙළදපොළ පවතින මිළට වඩා හතර ගුණයකින් පමණ වැඩිකර අසාධාරණ ලෙස එම පිරිස් මේ ආකාරයට ඉන්ධන අලෙවි කරන බවට ජනතාව චෝදනා කරති.

තවද දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශයේද ඇති ඉන්ධන පිරවුම්හල්වලින් තෙල් ලබාගෙන වැඩි මිලට අලෙවිකරන වාහන පිරිසිදු කරන ආයතනයක පුද්ගලයෙකු පිළිබඳ අප වාර්තාකරුවන් පවසනවා.

ඔහු විසින් තෙල් අර්බුදය ආරම්භ වූ දිනයේ පටන් මහා පරිමාණයෙන් මෙලෙස මෙම ඉන්ධන ජාවාරමේ නිරත වන බවයි වාර්තා වන්නේ.

පොලිසියද මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අනුගමනය නොකරන බවත් ඒ සඳහා ඔවුන්ගේ සහයද ලැබෙන බවත් තොරතුරු වාර්තා වනවා.

පූගොඩ ප්‍රදේශයේද පාතාලයට සම්බන්ධ පිරිස් විසින් මහජනතාව පීඩාවට පත්කරමින් දින ගණන් පෝලිම්වල පුද්ගලයන් සිටිද්දී වෙනත් පුද්ගලයන්ට ඉන්ධන ලබාදීමට මැදිහත් වන බව අප වාර්තාකරුවන් පවසනවා.

සියලු ජනතාව ඉන්ධන ගැටලුව නිසා පීඩාවට ලක්ව ඇති මොහොතකත් ඉන්ධන ගසාකමින් තම මඩිහ තරකරගන්නා මිනිස්සුන්ට නීතිය ඉටු නොවුණද සොබාදහම නිසි දඩුවම් ලබාදෙනු ඇති බව අදාල ප්‍රදේශවල පුද්ගලයන් පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21