කුඹුක් දැව ජාවාරමක් වටලා ලක්ෂ 15කට වැඩි දැව සමඟ අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

වැල්ලවාය, ආනපල්ලම වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් මහවෙලමුල්ල ප්‍රදේශයේ කිරිදි ඔය ආසන්නයේ සිදුකළ වැටලීමක දී මහා පරිමාණයේ කුඹුක් දැව ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.

මෙම වැටලීමේ දී කපන ලද රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් කුඹුක් දැව තොගයක් එම නිලධාරීන්ගේ භාරයට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

එම දැව කපා ප්‍රවාහනය කිරීම සදහා සූදානම් කර තිබිය දී මෙලෙස වනසංරක්ෂණ නිලධාරීන්ගේ භාරයට ගැන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙහිදී එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පැල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කුඹුක් දැව තොගය ද සමඟ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය, ආනපල්ලම වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42